
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නා වන වනිඳු හසරංගව මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් මිලට ගෙන ඇති බවට මවුරට වෙබ් අඩවියට වාර්තා වනවා.
දැනට 20-20 ශ්‍රේණිගත කිරීම් හි දෙවෙනි ස්ථානයේ පසුවන ඔහුව මිලට ගැනීම සඳහා කණ්ඩායම් හතරක් උනන්දු වූ අතර වාර්තා වන ආකාරයට මේ වන විට මුම්බායි කණ්ඩායම සමඟ ඔහුගේ එකතු වීම ස්ථීර බවයි දැන ගන්නට ලැබෙන්නේ.
මේ අතර ඔහුගේ දක්ෂතාවයට සුභ පතා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක්ද පල කර තිබෙනවා.