NEWS

පුර්ණ එන්නත්කරණයට ලක්වූ ගුවන් මගීන්ට අගෝස්තු 01 වෙනිදා සිට ලැබෙන සහනය

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවක ගෙන ආ හැකි එන්නත්කරණය සම්පූර්ණකළ මගින් සංඛ්‍යාව සඳහා වූ සීමා ඉවත්කිරීමට මෙරට බලධාරීන් ක්‍රියාකර තිබේ.

ඒ අනුව, එන්නත් දෙකම ලබාගෙන දින 14ක් ගෙවා ඇති මගීන් ව ගුවන්යානයේ මගී ධාරිතාව සම්පූර්ණකර මෙරටට රැගෙන ඒමට ගුවන් සමාගම් සඳහා අවසර ලැබේ.

එසේම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ “ජෛව බුබුළ” සංකල්පය යටතේ ද සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් ව ගුවන්යානයේ මුළු මගී ධාරිතාව සපුරා ලෙස මෙරටට ගෙන ඒමට අවසර ලබාදී ඇත.

එහෙත් එන්නත් මාත්‍රා එකක් හෝ කිසිදු එන්නතක් ලබාගෙන නොමැති මගීන් ව එක ගුවන්යානයක රැගෙන ආ හැක්කේ 75 දෙනෙක් පමණි. නමුත් එම මගීන් මෙරටට පැමිණි පසු අනිවාර්ය දින 14ක් නිරෝධායනයට යොමුකළ යුතුය.