NEWS

ලිට්‍රෝ හයිබ්‍රිඩ් ගෑස් සිලින්ඩරය අත්හිටුවෙයි

වෙළඳපොළට අලුතෙන් හඳුන්වාදුන් ලීටර් 18 ගෑස් සිලින්ඩරය වෙළඳපොළට නිකුත් කිරීම නුදුරු අනාගතයේදීම අත්හිටුවන බව ලි ට්‍රෝ සමාගමේ සභාපතිවරයා සමූපකාර සේවා. අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට සඳහන් කළ බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

එසේම උපරිම සිල්ලර මිල ගණන් තුළ ලිට්‍රෝ ගෑස් අලෙවි කළ යුතු බවට ලිට්‍රෝ සමාගම සිය අලෙවිකරුවන්ට දැනුම් දී ඇතැයිද සමාගම දන්වා ඇත්තේ.

එසේම පාරිභෝගිකයන්ගේ දෛනික අවශ්‍යතා සඳහා හිඟයකින් තොවර කිලෝග්‍රෑම් හා කිලෝග්‍රෑම් 9.6 සිලින්ඩර වෙළඳපොළට මුදා හැරීමටද සමාගම සහතික වී තිබේ.