NEWS

කොවිඩ් ආසාදිත 1688ක් සහ මරණ 48ක් වාර්තා වෙයි

කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් 1,688 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 299,869ක් දක්වා ඉහළගොස් ඇත.

මේ අතර තවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. ඊයේ (26) දින තහවුරු කර ඇති එම මරණ 48ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,195ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 20 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 28 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත් වනවා.