NEWS

කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 30%ක්

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් රට පුරා සෑම දිස්ත්‍රික්කයකම සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේරත් සඳහන් කර සිටිනවා.

ඩෙල්ටා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් 30% ක පමණ ප්‍රමාණයක් සිටිය හැකි බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් ප්‍රකාශ කර ඇති බවයි ඔහු පැවසුවේ.

මෙම තත්ත්වය මත ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙසම පිලිපැදිය යුතුව ඇතැයිද ඔහු අවධාරණය කර සිටියේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කර සිටියා.