NEWS

ගුරු-විදුහල්පති වර්ජනය දිගටම : ලබන සඳුදා අවසන් තීරණය දෙන බව අගමැතිගෙන් නිවේදනයක්

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලු සඳහා විසඳුම් බලාපොරොත්තුවෙන් අද (27) දිනයේ අගමැතිවරයා හමුවුවත් සාකච්ඡා අවසන් වූයේ එකඟතාවයක් හෝ විසඳුමකින් තොරව බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.

අදාළ සාකච්ඡාවලින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ ගැටලු විසඳන තෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ග ද ඉදිරියට යනු ඇති බවයි.

අද පැවැති සාකච්ඡාවේදී පැය 2කට ආසන්න කාලයක් අදාළ අනුකමිටුව සමග සාකච්ඡා කළ බවද ඔවුන් පැවසුවේ.

“ඇමතිවරු 3 දෙනෙක් ජපානයේ ගිහින් තියෙනවා. ඒවට සල්ලි තියෙනවා. මේවට සල්ලි නෑ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කිව්වට ඊළඟ අයවැයෙදි විසඳුමක් දෙනවා කියලා අගමැතිගේ සාකච්ඡාවෙදි එහෙමවත් කිව්වේ නෑ. කිසිම සාධනීය ප්‍රවේශයක් නෑ. මෙතන කිව්ව එකම දේ කැබිනට් අනුකමිටුවක් දාලා තියෙනවා ඒකෙන් කරනකම් ඉවසීමෙන් ඉන්න කියලා. දින 16ක් මේ අරගලය. අධ්‍යාපන අමාත්‍යවරයා පුන පුනා කිව්වා සියලු ප්‍රශ්න ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් මම දැම්මේ කියලා. තව දාන්න දෙයකුත් නෑ කියලා. එහෙනම් තවත් කැබිනට් මණ්ඩලයකින් නම් මේ ප්‍රශ්නය විසඳන්නේ. අපිත් ලෑස්තියි විසඳනකම් අපේ ක්‍රියාමාර්ගවලට යන්න.”

මේ අතර ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව සහ සංවෘත්ත සේවාවක් බවට පත්කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සමග අද (27) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර සිටියේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,