NEWSSPORTS

13 හැවිරිදි දැරියක් ඔලිම්පික් රන් පදක්කමක් දිනයි (PHOTOS)

13 හැවිරිදි ජපාන ශිෂ්‍යාවක් මෙවර ඔලිම්පික් උළෙලේදී ජපානය වෙනුවෙන් ඓතිහාසික රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. මොමිජී නිෂියා නමැති එම ක්‍රීඩිකාව ජපානය වෙනුවෙන් ස්ට්‍රීට් ස්කේට්බෝඩිං (street skateboarding) තරගයේ පළමු ස්ථානය හිමි කර ගත්තා.

ඇය ජපානයේ ළාබාලතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය ලෙස ඉතිහාසගත විය.

මෙම තරගයේ පළමු ස්ථානය (ජපානයේ මොමිජී නිෂියා – අවු:13), දෙවන ස්ථානය (බ්‍රසීලයේ රේසා ලීල් – අවු:13) සහ තෙවන ස්ථානය (ජපානයේ ෆුනා නකයාමා – අවු:16) ළාබාල ක්‍රීඩිකාවන් විසින් දිනා ගනු ලැබීම විශේෂත්වයකි.

මේ වන විට ඔලිම්පික් ඉතිහාසයේ රන් පදක්කමක් දිනා ගත් ලොව ළාබාලතම ක්‍රීඩිකාව වන්නේ මාජරී ගෙස්ට්‍රිං නමැති ක්‍රීඩිකාව වන අතර ඇය එම පදක්කම දිනා ගත්තේ 1936 වසරේ බර්ලින්හිදී පැවති ඔලිම්පික් උළෙලේදීය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 13 දින 267ක් වූ අතර නිෂියාට වඩා ඇය ළාබාල වී ඇත්තේ දින 63කිනි.

ස්ට්‍රීට් ස්කේට්බෝඩිං පිරිමි ඉසව්වේ රන් පදක්කම ද ජපානයේ යුටෝ හොරිගෝමි විසින් දිනාගන්නා ලදී.

1)

2).

3).

4).

5).

6).

7).

8).

10).

Momiji Nishiya, 13-year-old skateboarder, wins gold at the Olympics' first women's final - CNN