NEWS

ඉදිරි සති කිහිපයේදී ඩෙල්ටා ආසාදිතයින් මිලියන 200ක්

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින්, මිලියන 200කට වැඩි සංඛ්‍යාවක් ඉදිරි සති කිහිපය තුළ ලොව පුරා වාර්තා විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසනවා. මේ වනවිට ලොව පුරා රටවල් සහ කලාප 124කින් ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි එම සංවිධානය සඳහන් කළේ.

ඉදිරියේදී මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය, ගෝලීය වශයෙන් ප්‍රමුඛ කොරෝනා ප්‍රභේදය බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර සිටිනවා.

විශේෂයෙන් යුරෝපයේ සහ බටහිර පැසිෆික් කලාපයේ කොරෝනා ආසාදිතයින් ඉහළ යමින් ඇතැයි ද එම සංවිධානය පෙන්වා දෙන්නේ.

සමහර බටහිර රටවල් මරණ සංඛ්‍යාව අඩු වීම නිසා පනවා ඇති කොරෝනා සීමාවන් ලිහිල් කිරීමට ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් එන්නත්කරණය මන්දගාමීව සිදු කරන රටවලට එලෙස කොරෝනා සීමාවන් ලිහිල් කිරීම ඉදිරියේදී තර්ජනයක් විය හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ