NEWS

මංගල ඇරඹු අලුත් ගමන

ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයක් රටට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් තමන් තරුණ සංවිධාන සමඟ නව බලවේගයක් ආරම්භ කරන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීම පවසනවා.

“සැබෑ දේශප්‍රේමීන්” නමින් නව බලවේගයක් ආරම්භ කරමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ඒ අද (25) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

“රාජ්‍ය නායකයින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී හැමදාම විපක්ෂය විරුද්ධ වුණා. මේ සියලු දෙනා අද තත්ත්වයට වගකිව යුතුයි. රාජපක්ෂ විරෝධය මත විතරක් සන්ධාන හදලා වැඩක් නැහැ. ඒවා එතනින්ම හබස් වෙනවා. රාජපක්ෂ විරෝධය මත අපි 2015 දී අපි සන්ධාන ගතවුණා. බලය ගන්න පුළුවන් වුණාට පවත්වගෙන යන්න බැහැ, ජාතික ප්‍රතිපත්තියක් නැතිනම්.ප්‍රතිපත්ති මත සැලසුම් වුණ විකල්පයක් අවශ්‍යයි. මෙය දේශපාලන පක්ෂයක් වෙන්නේ නැහැ. දේශපාලන පක්ෂ නොවෙයි රටට අවශ්‍ය. මතවාදීව එකඟවෙන කණ්ඩායම්. මංගල පාරවල් කපන කාලේ ඉවරයි.”