NEWS

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට කොරෝනා ආසාදනය වුයේ වවුලන් ගෙන්ද ?

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයන් ඇතුළු සතුන් කිහිපදෙනෙකුට කොරෝනා පැතිරුණේ එහි වවුලන්ගෙන් දැයි සැකයක් මතුව ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සොයා බලා ගෙන යන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් මුලින්ම වැළඳුණේ ”තෝර්” නැමැති සිංහයාටය. එම සිංහයාගේ තත්වය සතුටුදායක යැයි පැවසිය නොහැකි බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ.

කොවිඩ් ආසාදනයවූ සිංහ ධේනුව, ඔරංඔටන් දෙදෙනා සහ චිම්පන්සි දෙදෙනාගේ තත්වය සාමාන්‍ය බව පැවසූ විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු සියලු සත්වෝද්‍යාන අනිද්දා (26) සඳුදා විවෘත කරන බව සඳහන් කර සිටියා.

සත්වෝද්‍යාන වසා දැමීම නිසා ඒවායේ සතුන්ට කෑම බීම සඳහා අවශ්‍ය වියදම් සොයා ගැනීමද දුෂ්කර වී ඇති බවයි අමාත්‍යවරයා ඉකුත්දා ප්‍රකාශ කර සිටියේ.