NEWS

15 හැවිරිදි දැරියට නිවුන් දරුවන් : 21ක් හැවිරිදි තරුණයා අත්අඩංගුවට

හාලිඇල ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව හාලිඇල පොලිසිය සඳහන් කර සිටිනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් බදුල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති මෙම දැරිය පරීක්ෂා කිරීමේදී පස්මස් ගැබිණියක් බවයි හෙළි වී ඇත්තේ. ඇයට නිවුන් දරුවන් පිළිසිඳගෙන ඇති බවට ද එහිදී අනාවරණය වී තිබෙනවා.

අනතුරුව පොලිසිය මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.