තුන්පිම්ම සූරයාගේ සිවු වෙනි පිම්ම

තුන් පිම්ම ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික ශූරයා වන ග්‍රේෂන් ධනංජය ස්විට්සර්ලන්තයේ පැවැති මලල ක්‍රීඩා තරඟාවලියක් අතරතුර අතුරුදහන් වී තිබෙනවා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ද ඔහුගේ අතුරුදහන් වීම තහවුරු කර ඇති බව සඳහන්.

ඔහු 2019 දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ජාතික පුහුණු තරඟාවලියේදී මීටර් 16.71 ක දුරක් පැනීමත් සමඟ එම ඉසව්වේ වත්මන් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීමට සමත් වුණා. ඒ 2016 වසරේ ඉන්දියාවේ රංජිත් මහේෂ්වරිගේ දකුණු ආසියානු ක්‍රීඩා වාර්තාව පසුකරමින්.

මේ අතර පසුගිය 09 වනදා කොළඹ දී පැවැති ‘CVCD විශිෂ්ටතා සම්මාන’ උළෙලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වත්මන් තරුණ තරුණියන් ශ්‍රී ලංකාවේ ජීවත් වීමට අකැමැති බව ප්‍රකාශ කළා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button