NEWS

රිෂාඩ් ගේ මස්සිනා අත්අඩංගුවට : මෙහෙකාර සේවයට පැමිණි දැරියක් දුෂණය කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිප්ති අජිත් රෝහණ පවසනවා.

මන්ත්‍රීවරයාගේ නිවසේ 2015 වසර් සිට 2019 වසර දක්වා කාලය තුල මෙහෙකාර සේවය නිරතව සිටියදී මේ වනවිට 22 හැවිරිදි තරුණියක්, දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා 44 හැවිරිදි වියේ පසුවන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාල කාලය තුල සැකකරු විසින් අවස්ථා දෙකකදී ඇයව දූෂණය කළ බවට වින්දිත තරුණිය පොලිසිට පවසා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.