NEWS

රිෂාඩ් ගේ බිරිඳ ඇතුළු 03ක් පොලිස් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ, මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ පියා සහ දැරිය මෙම නිවසට රැගෙන ආ තැරුව්කරු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.