NEWS

“බිස්නස් පටන් ගත්ත මුල් කාලෙදි මම සේවකයින්ට වැන්දේ නැති ටික විතරයි “

මහා ගංඟාවක ආරම්භය ඉතා කුඩා දිය දහරකි.අද රටම කතා කරන මහා ව්‍යාපාරයක ආරම්භයද පටන් ගන්නේ එලෙස කුඩාවටය.එහෙත් කල් යත්ම එය විසල් රුකක්ව ව්‍යවසායකත්වයේ ඉහළටම ඇදී යන්නේ තවත් සිය දහස් ගණනකගේ ජීවිත පෝෂණය කරමිනි.

රටටම බත සපයන් ගොවි රජවරුන් කෙතෙහි වපුරන වී ටික ඔවුනටද නිසි මිලක් ගෙවා ලබා ගෙන,සහල් කරවා රටෙහි මිනිසුන්ගේ කුසගින්න නිවනා සාර්ථක ව්‍යාපාරිකයෙකු අද අපේ කතාවේ කතා නායකයාය.

ඔහු K.ලයනල් මහතාය.නමුත් නමට වඩා ඔහුව බොහෝ දෙනා දන්නෙ තිස්සමහාරාමය වීරවිල හසිනිඳු සහල් ව්‍යාපාරයේ හිමිකරු ලෙසින් ය.

දශක තුනකට පමණ පෙර ව්‍යාපාර ලෝකයට ප්‍රවිෂ්ඨ වන විට ඔහු ගැන දන්නා අය සිටියේ නම් ඒ අතේ ඇඟිලි ගනනටත් වඩා අඩුවෙන්ය.

ඉතා කුඩාවට පටන් ගත් ව්‍යාපාරය ගැන ඔහුගේ පහත ප්‍රකාශයෙන්ම අවබෝධයක් ලබා ගත හැකිය.

“ඒ කාලේ මම සේවකයින්ට වැන්දෙ නැති ටික විතරයි, අයින් වෙලා යන්න එපා කියලා.බාල්දි වලින් තමයි හාල් එහෙ මෙහෙ දාලා මෝලෙන් කෙටුවේ.දවසකට් උපරිම කෙටුවේ කිලෝ 200ක් විතර ”

එතනින් පටන් ගත් ඔහු ගමන නතර කරන්නෙ මසකට සහල් කිලෝ ලක්ෂ 05 කට අධික ප්‍රමාණයක් වෙළඳ පොලට එකතු කරනා තැනට පත් වෙමිනි.

අදටද ඔහු හා වැඩ කරනා 20 කට අධික සේවකයින් පිරිසට ඔහු සලකන්නේ රාජකාරියටද එහා යමිනි.

ඔහු ආ මඟ මල් ඇතිරූ මාවතක් නොවනුයේ එකල ඔහු මුහුණ පෑ කටුක අත් දැකීම් නිසාවෙනි.

“මට මතකයි මන් රජයේ බැංකුවට ගියා ඒ කාලේ ණයක් ගන්න.මට ලක්ෂයක් ගන්න අවුරුද්දක් ගියා.මට ඒකෙන් බැංකු එපාම වුනා ”

සාධාරණය.දියුණු වන මිනිසෙකුට අත හිත නොලැබේ නම් ඔහුගේ ගමන ඇතැම් විටෙක එතනින්ම නතර විය හැකිය.

“ඊට පස්සෙ තිස්සමහාරාමයට සෙලාන් බැංකුව ආවා.ඒකේ මැනේජර් මහත්තයා එන්න කිව්ව්.මම ගියේ නෑ.මට බැංකු ගැන් ඒ වෙද්දි විශ්වාසයක් තිබ්බෙම නෑ.හැබැයි එදා ඉල්ලපු ගාන ඒ මහත්තුරු මට දුන්නා.අදටත් මට් ඕන උදව්වක් කරනවා.ඉතින් මට මෙච්චර දුරක් එන්න හයිය දුන්න සෙලාන් බැංකුව ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්නම ඕනේ ”

මුල අමතක නොකරන මිනිසුන්ට කවදාවත් වරදින්නේ නැත..

අවසානයේදී ව්‍යාපාර ලොවට එන්නට බලාපොරොත්තු වන අයට ඔහු හොඳ පණිවුඩයක් ලබා දෙයි.

.”ආවට ගියාට ව්‍යාපාර කරලා වැඩක් නෑ.මුලින්ම බලන්න පටන් ගන්න එක වගේ නෙවෙයි,ඒ ව්‍යාපාරය දිගටම ඉස්සරහට කරගෙන යන්න පුලුවන්ද කියලා..”

අප බොහෝ දෙනෙකුට වරදින්නේද එතනමය.ඒ වැරැද්ද නිවැරදි කරගන්නේ නම් තිස්සමහාරාමය වීරවිල හසිඳු සහල් ව්‍යාපාරය මෙන් නව ව්‍යාපාරයක් ඇරඹීම සිහිනයක් නොවනු ඇත.