NEWS

දීර්ඝ සති අන්තයේ සංචරණ සීමා පනවන්නේ නැහැ – යුද හමුදාපති

සති අන්තයේ දිගු නිවාඩුවක් යෙදී තිබුණත් සංචරණ සීමා පැනවීමට තීරණයක් ගෙන නැතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ වුවද පළාත් අතර සංචාර සීමා දිගටම ක්‍රියාත්මක කරන බවයි මෙහිදී යුද හමුදාපතිවරයා අවධාරණය කර සිටියේ.

රටපුරා කොවිඩ් ආසාදිතයන් විසිදාහක් පමණ ප්‍රතිකාර ලබන සහ ආසාදිතයන් දිනකට 1500කට අඩු සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබෙන තත්වයක් යටතේ ඉතා කල්පනාකාරීව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ යුද හමුදාපතිවරයා එසේ කටයුතු නොකළහොත් අවදානමක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නා.

රට පුරා දැනට හුදෙකලා කර ඇත්තේ සීමිත ප්‍රදේශ සංඛ්‍යාවක් පමණක් බවත් එන්නත්කරණ වැඩපිළිවෙලද රට පුරා සාර්ථකව ක්‍රියාත්මකවෙමින් පවතින බවයි මෙහිදී යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.