NEWS

දුව වැඩට යැව්වේ මම ණය වුන නිසයි – ඉෂාලිනි ගේ මව සියලු කතාව හෙළි කරයි

ආර්ථික අපහසුතාව මධ්‍යයේ සිටි තම පවුල බේරාගැනීම සඳහා සිය දියණිය මෙහෙකාර සේවයට යෑමට ඉදිරිපත් වු බව හිටපු අමාත්‍ය හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටිය දී පිළිස්සි මියගිය දැරියගේ මව ප්‍රකාශ කර සිටිනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සිය ආර්ථිකය කඩා වැටීමෙන් ආහාර පවා හිඟ වු බවයි.

ළමුන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවන ළමයා වන 16 හැවිරිදි ජේ. ඉෂාලිනි පසුගියා දා පිළිස්සී තුවාල ලබා සිටිය දී ජීවිතක්ෂයට පත්විය.

තම දියණියගේ මරණය සම්බන්ධයෙන් හඬා වැළෙපෙමින් මව පවසා සිටියේ, තම දියණියට සියදිවි නසා ගැනීමට තැත් කිරීමකට කිසිදු හේතුවක් නොමැති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඉෂාලිනි ගේ මව,

“මම ණය වුණා ගොඩක්. කොරෝනා කාලේ මහත්තයටත් පුතාටත් වැඩ නැති වුණා. ළමයි ඔක්කෝම පොඩියි. අපි කන්න බොන්නවත් නැතුව ගොඩක් දුක් වුණා. එක ගෙදරකට මම ගොඩක් ණය වුණා. ඒ ණය ගෙවන්න දුව එක්කන් ගිය කෙනාගේ රත්තරන් බඩුවක් තියලා මම රු 30,000ක් අරන් තිබුණා. ඒ මුදල් තව කෙනෙක් ගෙන් ගත්ත නිසා ඒ අය කරදර කරන බව කිව්වට පස්සේ තමයි මම කිව්වේ මට වැඩක් කතා කරලා දෙන්න කොහේ හරි ගෙදරක ගිහිල්ලා මාසෙකින් පඩි අරන් රත්තරන් බඩුව අරන් දෙන්නම් කියලා. මට කතා කරාට පස්සේ අවුරුදු 13 ළමයෙකුත් ඉන්නවා අවුරුදු 2 ළමයෙකුත් ඉන්නවා ඔක්කෝම ඉන්නේ ගෑණු ළමයි කියලා. අම්මා ගියොත් ළමයින්ට පව් නේ දුවලා දෙන්නගෙන් කවුරු හරි යවන්න කියලා. ඒ වෙලාවේ ලොකු දුව පුංචිලාගේ ගෙදර හිටියේ. දුවව යවන්න මම කැමති වුණේ නෑ. එයා කැමැත්තෙන් අම්මා ණය ගෙවා ගන්න බැරි වුණොත් අපේ මිදුලට ඇවිල්ලා මිනිස්සු කෑ ගහනවා නේ ඒ නිසා මම යන්නම් වැඩට, මම ගිහින් මේ ණය ටික බේරන්නනම් අයියට විතරක් අමාරුයි කියලා තමයි ගියේ.”

ඉෂාලිනි ගේ මිය යාම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර තිබේ.