NEWS

රනිල් ගේ සංශෝධනය පිළිගන්න බැහැ – කථානායක

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඊයේ (19) ඉදිරිපත් කළ සංශෝධනය පිළිගත නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද ප්‍රකාශ කර සිටියා.

අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් සිය නිවේදන යටතේ දැනුම් දීමක් කරමින් කථානායකවරයා මේ බව සඳහන් කර සිටියා.

අදාළ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවේ සමස්ත අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගෙන ආ යෝජනාවක් ලෙස සැලකිය යුතු බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ සංශෝධනයේ දැක්වෙන්නේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දෙවන දින විවාදය අද පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.