NEWS

21ක් ලක්ෂයකට ආසන්න පිරිසකගේ රියදුරු බලපත්‍ර කල් ඉකුත් වෙලා

මෙරට ලියාපදිංචි වී ඇති රියැදුරු බලපත්‍ර පනස් පන් ලක්ෂයක් අතරින් විසි එක් ලක්ෂයකට ආසන්න පිරිසකගේම බලපත් කල් ඉකුත් වී තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වසරේදී පමණක් බලපත්‍ර හාරලක්ෂ අසූ දහස් පන්සිය තිස්අටක් (480,538) කල් ඉකුත් වන බවද මේ පිළිබඳව කළ විමසීමකදී දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත්‍ර කොමසාරිස් ඩිලන්ති වාසනා සිරිවර්ධනසඳහන් කළේ.

රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම, අලුත් කිරීම ඇතුළු කටයුතු සිදුකරන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් මේ වනවිට පුද්ගලයන් පනස් තුන් ලක්ෂ තිස් හතර දහස් තුන්සිය හැත්තෑ හයක් (53,34,376) වෙනුවෙන් රියැදුරු බලපත්‍ර මුද්‍රණය කර තිබේ.

මේ වනවිට පුද්ගලයන් විසි ලක්ෂ හතළිස් පන්දහස් අටසිය හැට දෙනකුගේ (20,45,860) රියැදුරු බලපත්‍රවල වලංගු කාලය ඉකුත් වී ඇත.

මෙලෙස රියැදුරු බලපත්ලාභී පුද්ගලයන් අතර 53,34,376 දෙනා අතර වයස අවුරුදු 18ත් 25ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් හාරලක්ෂ හැට තුන් දහස් දෙසිය විසි දෙදෙනකු (463,222) ද සිටිති. සැහැල්ලු වාහන බලපත්‍ර හිමියන් තිස්පන් ලක්ෂ දහසය දහස් හයසිය අනූ දෙදෙනෙක්ද (35,16,692) බරවාහන බලපත්‍රලාභීන් පන් ලක්ෂ අනූ එක්දස් පන්සිය විසි අටක් (591,528) ද සිටියි.

මෙම රිය බලපත්‍රලාභීන් අතර යතුරුපැදි සඳහා පමණක් රිය බලපත්‍ර ලබාගත් පුද්ගලයන් හතළිස් ලක්ෂ හැට පන්දහස් එකසිය දහයක්, ත්‍රිරෝද රථ සඳහා බලපත්‍ර ලබාගෙන සිටින පුද්ගලයන් විසි හතර ලක්ෂ හැට නව දහස් දෙසිය හැත්තෑවක්, මෝටර් රථ සඳහා බලපත්‍ර ලබාගෙන සිටි පුද්ගලයන් විසි හත් ලක්ෂ පනස් දෙදහස් දෙසිය අනූ නවයක්ද, ඉඩම් වාහන අසූ නවදහස් නවසිය විසි පහක් වශයෙන් ලියාපදිංචි වී ඇත.