NEWS

රන්ජන් වෙනුවෙන් නිවසක් මම ලබා දෙනවා – චන්දිමාල් ජයසිංහ කියයි

සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට තමාට හිමි නිවෙස් තුනෙන් එකක් ලබාදීමට සූදානම් බව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පවසනවා.

රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා පදිංචිව සිටි මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයෙන් ඔහුගේ බඩුමුට්ටු ඉවත්කරගන්නා ලෙස මේ වන විට දැනුම් දී ඇති අතර ඒ සඳහා ලබාදී තිබූ සහන කාලය ලබන 20 වැනිදායින් අවසන්වීමට නියමිත බව සමාජ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් වී පැමිණි දිනක මෙම නිවසේ පදිංචි වී ඔහුගේ කටයුතු ඉදිරියට කරගෙනයාමට හැකි බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එබැවින් ඔහුට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට තීරණය කළ බව චන්දිමාල් ජයසිංහ සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ අද (15) එක්වෙමින් ප්‍රකාශ කර සිටිනවා.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ගේ සමීප මිතුරකු බවත් මිතුදම් හා මනුස්සකම්වල වටිනාකම ඇත්තේ මෙවන් අවස්ථාවලදී බවයි ඔහු සඳහන් කළේ.