NEWS

කොවිඩ් ආසාදිතයින් 1447ක් සහ මරණ 50ක් වාර්තා වෙයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1,447 දෙනෙකු ඊයේ (15) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 280,506ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ අතර පසුගිය ජුලි මස 14 වෙනිදා මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 50ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,661ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 21 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 29 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.