ජීවමාන කළ පියවරු ගැන කලා පවුල්වල දරුවන් කට අරී !

මේ දවස් වල නිතර දකින්න ලැබෙන හරි අපූරු දැන්වීමක් ගැන හැමෝම කතා වෙනවනේ.මේ ඇඩ් එක කරලා තිබුනේ Softlogic Life එක.ඒ අය මීට කලිනුත් මේ වගේ වෙනස් විදිහේ වැඩ කිහිපයක්ම කරා ඔබට මතක ඇති .
Softlogic Life කියන්නේ අපේ රටේ දෙවෙනි විශාලතම සෞඛ්‍ය රක්ෂණ ආයතනය කියලා අපි හැමෝම දන්නවා.ඒ නිසාවෙන්ම එහෙම ආයතනයක් එක පාරම මේ වගේ වෙනස් විදිහේ වැඩක් කරාම ,කොහොමත් ඉතින් අනිත් අයගේ අවධානය යොමුවෙනවනේ.
මේ දැන්වීමත් එක්කම අපේ ආදරණීය කලා කරුවන් හතර දෙනෙකු ගැන යළිත් රටම කතා කරන්න පටන් අරගෙන තිබෙනවා.
ඒ අය ජීවමානව ඉන්නවා වගේ හැඟීමක් මිනිසුන් හට ලබා දෙන්න මේ දැන්වීමෙන් softlogic life කණ්ඩායමට හැකි වෙලා තිබෙනවා .
ඒ නිසාම ඔවුන් ජීවමානව දැක ගැනීමට නොහැකි වුණු අපේ රටේ ලක්ෂ ගණනක් රසිකයන්ගේ හිත් වලට ආපහු ඒ අයගේ මතකය අවදි කරන එකට නම් softlogic life රක්ෂණ ආයතනය අගය කල යුතුමයි.
ඒත් ගොඩක් අය අහලා තිබුන දෙයක් තමයි එහෙම අවසරයකින් තොරව මෙහෙම වැඩක් කරේ කොහොමද කියලා ?
ඒත් මේ දැන්වීම පිළිබඳව අපේ රටේ ආදරණීය කලාකරුවෙකු වූ සුනිල් පෙරේරා මහතාගේ පුතා වන ගයාන් පෙරේරා පවසා තිබුණේ මෙවන් දෙයක්.
” මගේ පියා වන සුනිල් පෙරේරා මහතා ඇතුළු ප්‍රවීණ ගායන ශිල්පීන් කිහිපදෙනෙකුගේ රුව සහ හඬ යොදා artificial Intelligence තාක්ෂණය භාවිතා කරමින් කරන නිර්මාණාත්මක දැන්වීම් වලින් වෙනසක් ඇති කල හැකි බවත්, අලුත් තාක්ෂණයක් යොදා ගනිමින් දැන්වීම් ක්ෂේත්‍රයට ලොකු වෙනසක් කරන මේ වගේ නිර්මාණාත්මක දැන්වීම් තව තවත් බිහිවීම ඉතාම වටිනවා ”
එසේම ආදරණීය කලාකරුවෙකු වූ මිල්ටන් මල්ලවආරච්චිගේ පුත් රනිල් මල්ලවආරච්චි මෙම නිර්මාණශීලි දැන්වීම ගැන අදහස් දක්වා තිබුණේ මෙලෙසයි.
” ඇත්තටම මට මේ වීඩියෝ එක බලපු ගමන්ම ඇස් දෙකට කදුලු පිරුණා. මගේ තාත්තා ජීවමානව ඉන්නවා වගේ හැඟීමක් ආවේ. ඒ වගේම අනිත් කලාකරුවන් සමඟ එකට ඉන්න මොහොතක් නිසා මට ඇත්තටම මැවිලා පෙනුනා එදා ඔවුන් එකට මගේ ගෙදරම මෙවැනිම හමුවීම් තිබුණා නේද කියලා. මම මේ දැන්වීම කරපු අයට ගොඩක් ස්තූති කරනවා මෙහෙම තාක්ෂණයක් යොදාගෙන හරිම තාත්වික විදියට හදලා හෝ මගේ තාත්තාව නැවත ඇස්දෙකට බලාගෙන හෝ අතීතයට යන්න මේ නිර්මාණය හේතුවක් වුණා කියලා. මේ නිර්මාණයට දායක වුණ හැමදෙනාටම ගොඩක් ස්තූතියි ”
දැන්වීමකින් අපි කරන්නේ යම්කිසි දැනුවත් කිරීමක්නේ. හැබැයි ඒ දැනුවත් කිරීම ආකර්ෂණීයව සහ නිර්මාණශීලීව කරන්න පුලුවන් නම් ඒ දේ දැන්වීම ක්ෂේත්‍රයටත් ලොකු පිටුවහලක් වෙනවා. මොකද ලෝකයම කතා කරන AI තාක්ෂණය ලංකාවේ පළවෙනි වතාවට වෙළෙඳ දැන්වීම් අතරට ගෙනාව මේ දැන්වීම නිසාම බොහෝ දෙනා softlogic life ගැන කතා කරනවා .හැබැයි ඉතින් කලාකරුවන්ගේ පවුල් වල අය මේ කියන දේවල් වලට අනුව මේ වැඩේ බොහොම නීත්‍යානුකූලව සහ ක්‍රමවත්ව වෙලා කියලා තමයි පෙනෙන්නට නම් තියෙන්නේ.