තවත් අහුවෙන්න එපා – OnMax DT පිරමීඩාකාර ජාවාරම ගැන මහබැංකුව කියයි

ශ්‍රී ලංකාව තුළ වැඩිම ව්‍යාප්තියක් සහිත පිරමීඩාකාර ජාවාරම OnMax DT බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඒ, පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ ජාවාරම්කරුවන් විවිධාකාර ආගමික උත්සවවලට සහ ප්‍රභූන් සහභාගී වන අවස්ථාවලට අනුග්‍රහය දක්වමින් ජනතා ප්‍රසාදය සහ ආකර්ෂණය දිනා ගැනීමට කටයුතු කරන බවයි.
මේ අතර පසුගියදා මහියංගනය ප්‍රදේශයේ පැවැති රාජ්‍ය ආගමික උත්සවයකදී ජාවාරම්කරුවන් විසින් අදාළ ආයතනය ප්‍රවර්ධනය කිරීමට ගත් උත්සාහයක් පිළිබඳව ද පාර්ශ්ව ගණනාවකින් මේ වන විට චෝදනා එල්ල වෙමින් පවතිනවා.