ගිලන් වූ බොදු මෙහෙණිය දැක හිත උණු වූ ඉස්ලාම් කත

මහනුවර ප්රදේශයේදී තමන් මුහුණ දුන් අත්දැකීමක් පිළිබඳව කාන්තාවක විසින් සංවේදී සටහනක් තබා තිබෙනවා.
එම සටහන පහතින්.
“මේ මෑනියෝ අද උදේ නුවර සිටේශන් එකේ වැටිලා හිටියා..කවුරුත් බල බල යනවා කතා කරේ නෑ ..බැරිම තැන මං ගිහින් කතා කරා .ඒ කතාකරහම වාඩිඋනා..දෙයියනේ කාලා බීලා නෑ හාමතේට වැටිලා තියෙන්නේ ..මිනිස්සුන්ගේ මිනිසත්කම කෝ..😪😪සීයකට වැඩිය නොමිනිස්සු එතන..පිරිමි බේරුනා අපිට කතා කරන්න බෑ කියලා ..ඒත් කෑම එකක් දෙන්න බැරිකමක් නෑ නේද ?මං මුස්ලිම් නිසා මට ඒ හැටි තේරුමක් තිබුනේ නෑ කෑම දෙන්න ඕනේ විදිහ හා කතා කරන්න ඕනේ වීදිහ..වෙලාව 11 නැතිනිසා බත් හොයාගන්න පොඩ්ඩක් අමාරූඋනත් කොහොමහරි හොයා ගත්තා .දීලා කියවනවා නෙවේ..ඒත් මිනිස්සු ගැන පුදුම කලකීරීමක් ඇතිඋනා…නමට ආගම ඇදහුවාට වැඩක් තීයේද?ස්ටේශමේ හිටපු අනික් උන් උඹලා මින්ස්සුද? ඒ අස්සේ එකෙක් කියනවා බුදුහාමුදුරුවෝ කිව්වේ නෑලු බලෙන් මහන වෙන්න කියලා 🤬 .. මෑනියෝ තේ ඕනේ කිව්වා ..ඒකත් බ්ව්වහම තමයි නැගිට්ටේ …මෑනියෝ පරිස්සමෙන් ආරාමෙට යන්න ඇති කියලා හිතනවා..
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ..බුදුහාමුදුරුවනේ 🙏🙏🙏 ආගමට බයිනවට විරුද්ධ වෙන මිනිස්සු ආගම අනුවත් ජීවත් වෙනවානම් හරිම ලස්සන රටක් වෙයි..”
මේ අතර මිහිඳු හිමියන්ගේ ලංකාගමනය ඇතුළු වැදගත් ශාසනික සිදුවීම් රැසක් සිදු වූ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.