ARTICLES

රට වැහුවොත් අපි පරිස්සම්ද?

ලංකාවේ අපි කොරෝනා වසංගතයත් එක්ක ඔට්ටු වෙන්න පටන් අරන් දැන් අවුරුද්දකටත් වැඩියි. කොරෝනා රැල්ලක් ආපු ගමන් අපි බලාගෙන ඉන්නේ රට වහනකන්. මොකද අපි හිතන්නේ රට වැහුවම තමයි අපි ආරක්‍ෂා වෙන්නේ කියලා.

ඇත්ත ඒක නෙමෙයි කියලා අපි මේ දවස්වල හො`දටම අත්වි`දිනවා. රට වැහුවම අපි එළියට නොයා ඉන්නේ ඒක නීතියක් ඉතින් පොලීසියට අහුවෙයි කියන බව නිසා විතරයි. අපිට කොරෝනා හැදෙයි කියලා පරිස්සම් වෙන්න ඕන නිසා නෙමෙයි. එහෙම අදහසක් හිතේ තිබුණා නම් සංචරණ සීමා තියෙන මේ වෙලාවේ උපන්දින පාටි දාන්න, හොරෙන් වෙඩින් ගන්න, බොන්න සෙට් වෙන්න, හොර පාස්වලින් එහෙ මෙහ ඇවිදින්න යන්න කවුරුත් හිතන්නේ නෑ. මොකද රට වැසීමත් සංචරණ සීමා අතරත් වෙනසක් නෑ. දෙකෙන්ම කියන්නේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකෙන්න කියලා.

ඒ වගේම අපි ඇත්තටම මාස්ක් එකක් දාන්නේ ඇයි පරිස්සම් වෙන්න ඕන නිසාද? නෑ පොලීසියට අහු වෙලා දඩයක් කන්න වෙයි කියලා. ඉතින් අපි මෙහෙම හැසිරෙනවා නම් කාටවත් බෑ අපිව ආරක්‍ෂා කරන්න.
කුඩයක් නැතුව වැස්සේ ගියොත් තෙමෙනවා නිසයි අපි වහින්න වගේ එනවා නම් කුඩයක් අරන් එළියට බහින්නේ. මොකද අපිට පාරට ගියාම කුඩයක් දෙන්න කෙනෙක් නෑ. ඉතින් අපි පෙර සූදානම් වෙනවා. ඒ වගේම තමයි කොරෝනා වසංගතයෙන් බේරෙන්න නම් තනි තනිව වගකීමක් තියෙන්න ඕන. තනි තනිව සූදානම් වෙන්න ඕන. තමන් මාස්ක් එකක් හරියට දාන්නේ නැත්නම් අත් සෝදන්න වගකීමක් නැත්නම් හොරෙන් හොරෙන් රංවු ගැහෙන එක වීරකමක් කියලා හිතනවා නම් රට නෙමෙයි මු`ඵ ලෝකයම වැහුවත් අපි ආරක්‍ෂා වෙන්නේ නෑ.

අපේ වගකීම අමතක කරලා තව කෙනෙක් ඇවිත් අපිව පරිස්සම් කරනකන් බලන් හිටියොත් අපේ රටත් තවත් විසාලා මහනුවරක් වෙයි. තවත් ඉන්දියාවක් වෙයි. එහෙම වුණ දවසට වැරදිකාරයෝ හොය හොය ෆේස්බුක් එකේ කවි ගීත ලියලා නම් වැඩක් වෙන්නේ නෑ. මොකද වැරුද්ද තියෙන්නේ ඔයාගේ අතේමයි. හො`දට කල්පනා කරලා බලන්න ඔයා වගකීමක් නැතුව කොච්චර දේවල් කරලා තියෙනවද කියලා.
ඉතින් තමන්ගේ පවුල ගැන රට ගැන හිතන්න බැරි නම් තමන් ගැන හිතලා හරි පරිස්සම් වෙන්න. ආරක්‍ෂණ ක‍්‍රම පිළිපදින්න. අනවශ්‍ය ගමන් බිමන් නොයා ඉන්න. රෝග ලක්‍ෂණ තියෙනවා නම් හැංගිලා ඉන්නේ නැතුව අවශ්‍ය පියවර ගන්න. දැන්වත් වගකියන පුරවැසියෙක් වෙන්න. සුහද හදින් වුණත් ටිකක් සැරෙන් මේ ටික කියන්නම ඕන කියලා හිතුණා අපිට.