හොඳම ඇලුම්නියම් ගන්නවා නම් ඔබ තෝරාගත යුතුම Brand එක – Alumex

ගෙයක් හදනකොට, අලුත් වැඩියා කරනකොට අපි හොඳම දේවල් විතරක්ම හොයන්න හේතුවක් තියෙනවා. අපි හැමදාම සතුටින් ඉන්න හිතාගෙන ඉන්න ගෙදරත් හොඳ විදිහට තියෙන්න ඕන එකයි ඒකට ලොකුම හේතුව.
ඉතින් ගෙදරට අවශ්‍ය අනිත් දේවල් හොඳම විදිහට ගන්නවා වගේ අපිට අවශ්‍ය හොඳම ඇලුමිනියම් ගන්න පුළුවන් හොඳම තැනක් තමයි Alumex කියලා කියන්නෙ. ගොඩක් දෙනෙක් Alumex ගැන නොදන්නඉ හරි වටින කතා ටිකක් කියන්න හිතුණෙ මේ brand එක අපිට ගොඩක් වටින එකක් නිසයි.
ලංකාවෙ අපි හොඳටම දන්නවා අපි මොනදේ ගන්න ගියත් හොඳට හොයලා බලලා තමයි ඒ දේ අපිට ගන්න වෙන්නෙ කියන එක.මොකද දහයක් ගත්තොත් හොඳ දේවල් තියෙන්නෙ හරිම සුළු ප්‍රමාණයක් වෙන නිසා. ඉතින් Alumex කියන ඇලුමිනියම් නිෂ්පාදන ආයතනය ඒ සුළු ප්‍රමාණය අතරෙ තියෙන්න හේතු ගොඩක් තියෙනවා.
2022 අවුරුද්දෙදි Alumex ලා සමස්ත කර්මාන්ත වෘත්තිකයන් සහ ඒ අයගෙ ව්‍යාපාර සුරක්ෂිත කරන්න දෙපාරක්ම ඒ අයගෙ මිල ගණන් අඩු කරා. අපේ දේ රැකගෙන ලාභය විතරක්ම අරමුණු කරනොගත්තු ජන හිතකාමී සමාගමක් තමයි Alumex කියන්නෙ.
ඔයා දන්නවද ශ්‍රී ලංකාවේ සියලුම තත්ත්ව සහතික තියෙන එකම ඇලුමිනියම් සමාගම Alumex කියලා? අපි ඇලුමිනියම් වගේ නිෂ්පාදනයක් මිලදී ගන්නවා නම් ඒවා නියමිත තත්ත්ව සහතික වලට අනුකූලද කියලා බලන එක ගොඩක් වැදගත්. තේරෙනවනෙ අන්න ඒ නිසා බය නැතුව විශ්වාසයෙන් ඇලුමිනියම් නිෂ්පාදන ගන්න පුළුවන්.
Alumex සමාගම ආරම්භ කරලා දැනට අවුරුදු 35 කට වඩා වැඩි කාලයක් වෙනවා. ආරම්භ කරපු දවසෙ ඉදලා අද වෙනකන් එකවගේ ව්‍යාපාර ලෝකයේ විශ්වාසය දිනාගන්න Alumex සමාගමට පුළුවන් වෙලා තියෙනවා.
ඒ විතරක් නෙවෙයි Alumex සමාගම ලංකාවට මාසෙකට ඩොලර් මිලියන එකකට වඩා වැඩි ප්‍රමාණයක් ගේනවා කියන එක ගොඩක් දෙනා නොදන්න හැබැයි දැනගත යුතු කාරණයක්. කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, NZ, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, ඉතාලිය, කෙන්යාව වගේ රටවල් විශාල ප්‍රමාණයකට ඇලුමිනියම් නිෂ්පාදන අපනයනය කරන සාඩම්බර ලාංකීය සන්නාමය තමයි Alumex කියලා කියන්නෙ.
ඔයා ගන්න ඕනම Alumex ඇලුමිනියම් නිෂ්පාදනයකටම අවුරුදු 10 සිට 30 දක්වා වගකීම් කාලයක් ලැබෙනවා කියන එක විශ්වාස කරන්න පුළුවන්ද? හැබැයි ඒක ඇත්තක්. Alumex නිෂ්පාදන ගැන පාරිභෝගික ප්‍රතිචාරත් ගොඩක් මට්ටමක තියෙනවා. වසර 35 කට වඩා වැඩි කාලයක් Alumex සමාගමත් එක්ක ඉන්න මිලියන ගණනක පාරිභෝගිකයන් ඒක තහවුරු කරන්නෙ ගොඩක් සතුටින්.
පසුගිය වසරේ සම්මාන රැසකින් පිදුම් ලබලා තියෙන පරිසර හිතකාමී Alumex ආයතනය අපි ගැන හිතන ශ්‍රී ලාංකීය ආයතනයක් කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන්.