NEWS

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් එකතු කළ නිළි බිරිඳ සහ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොළිසියට අවශ්‍යව සිටින මිනිමැරුම් චෝදනා ලබා සිටින හා මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකු වන කුඩු අංජු නම් පුද්ගලයාගේ ඥාතී සහෝදරයෙකු වන 27 හැවිරිදි පුද්ගලයෙකු හා ඔහුගේ 24 හැවිරිදි බිරිඳ ඊයේ රාත්‍රියේදී අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාව ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක් බවයි හෙළිවී ඇත්තේ.

අතුරුගිරිය පොළිසියේ කොට්ඨාශ බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදි ඔවුන් සතුව තිබු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්25ක්, මුදල් රුපියල් ලක්ෂ 14ක්, මුදල් ගනිණු ලබන යන්ත්‍ර 03ක්, ජංගම දුරකතන 3ක් සහ මෝටර් රථයක් සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ලැබෙන දුරකතන ඇමතුම් මත පිළියන්දල, කොට්ටාව, අතුරුගිරිය සහ මහරගම ප්‍රදේශවලට ගොස් එකතු කරගන්නා මුදල් රැගෙන ඇවිත් නැවත ලැබෙන දුරකතන ඇමතුම මත ගෙන ගොස් බාරදීම සිදුකර ඇති බවයි පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇත්තේ.

මුදල් ගැණුම්කරුවන් අතර රජයේ වාහන වලින්ද පැමිණි පුද්ගලයින් පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

මොවුන් සතුව මීට දින 03 කට ඉහතදී කෝටි 10 මුදල් සංසරණයවි ඇති බව සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගනු ලැබූ මෙම දෙදෙනා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතය.