NEWS

රුධිර පරිත්‍යාගශිලින්ගෙන් ඉල්ලිමක්

පවතින තත්ත්වය හමුවේ රුධිරය ඉතා අත්‍යාවශ්‍ය බැවින් තම රුධිරය පරිත්‍යාග කිරිමට ඉදිරිපත් වන ලෙසජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා රුධිර පරිත්‍යාග කරන්නන්ගෙන් ඉල්ලිමක් කළේය.

රුධිර පරිත්‍යාගට පැමිණෙන රුධිර දායකයින්ට ලේ බැංකුව වෙත පැමිණිමට ඇති බාධා අවම කර ඇතැයිද හෙතෙම පැවසීය.

ඒ අනුව 0115332153 සහ 0112369931 යන දුරකථන අංක අමතා හෝ WWW.nbts.health වෙබ් අඩවිය වෙත පිවිස පහසු වේලාවක් වෙන් කරවා ගෙන අදාල තොරතුරු ලබාදෙන ලෙස අධ්‍යක්ෂවරයා රුධිර දායකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලයි.