NEWS

අදත් කොවිඩ් මරණ 42ක් වාර්තා වෙයි : ඉකුත් දින 11 තුලදී මරණ 338ක්

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 42ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,608 දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය දින 11 තුලදී කොවිඩ් ආසාදිත මරණ 338ක් වාර්තා වී ඇති බවයි දත්ත වාර්තා මගින් පෙන්නුම් කරන්නේ.

මේ අතර අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 3,297 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 195,844ක් වන අතර ඉන් සුවය ලබා ඇති පිරිස 162,397ක්. සක්‍රියව සිටින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 31,839ක්.