NEWSSPORTS

ඉසුරු උදාන සහ වාස්ට කොරෝනා නැහැ : 02 වන PCR පරීක්ෂණයෙන් තහවුරු වෙයි

දෙවන PCR පරීක්ෂණ වාර්තාවන් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉසුරු උදාන සහ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

නවක ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දුට පමණක් වෛරසය ආසාදනය වී තිබෙන බවයි පරීක්ෂණයෙන් තහවුරු කර ඇත්තේ.

චමින්ද වාස් සහ ඉසුරු උදාන ඊයේ සිදුකළ PCR පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබුණා.

මේ අතර බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීමට නියමිතයි.