ARTICLESNEWS

සෙලාන් බැංකුවේ දායකත්වයෙන් නැගෙනහිර කොළඹ ‍රෝහලට අලුතෙන් දැඩි සත්කාර ඒකකයක්

මේ දිනවල පවතින කොරෝනා වසංගත තත්වයත් සමඟ රෝහල්වල ධාරිතාවය උපරිම මට්ටමකට ළඟා වෙමින් තිබෙනවා.එම නිසාවෙන් සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති අතර සෙලාන් බැංකුවේ මැදිහත්වීමෙන් නැගෙනහිර කොළඹ රෝහලට අවශ්‍ය දැඩි සත්කාර ඒකකයක් විවෘත කෙරුනා.

පසුගිය කොරෝනා සමයේදී ජාතික වශයෙන් වැදගත් කාර්‍යයක් සිදුකල යුතු බව සෙලාන් බැංකුවේ අදහස වී තිබුනා. එහිදී බැංකුවේ සේවකයින්ගෙන් විවිධ අදහස් සහ යෝජනා ඉදිරිප්ත් වී තිබූ අතර සේවක සංගමයේ යෝජනාවක් අනුව සෙලාන් පවුලේ සියලුම දෙනා විසින් සිය දිනක වැටුප පරිත්‍යාග කිරීමට කැමැත්ත පල කර තිබුනා.එහිදී බැංකුවේ කළමණාකාරීත්වය තීරණය කලේ එලෙස එකතු වන මුදලට සමාන මුදලක් බැංකුව විසින්ද පරිත්‍යාග කිරීමටයි.

සාමාන්‍ය බැංකුවකින් සිදු කෙරෙන කාර්‍යයකට එහා ගොස් ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් ,කාලීනව රටට අවශ්‍ය සේවයක් ලබා දීම සෙලාන් බැංකුවේ අරමුණ වූවා.

වසරක් ඇතුලත මෙම දැඩි සත්කාර ඒකකය නිම කිරීමට සැලසුම් කල අතර ඇඳන් පහකින් සමන්විත මෙහි ඉදි කිරීම් සඳහා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි යුධ හමුදාව දායකත්වය දැක්වූ අතර ඉදි කිරීමේ කටයුතු කරගෙන යන අතරතුර හමුදා සෙබළුන් 20 කට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් රෝගයට ගොදුරු වූ අතර එම අවස්ථාවේදී සෙලාන් බැංකුවේ සේවකයින් ස්වේච්ඡාවෙන්ම එක්වී සිය ශ්‍රම දායකත්වය ලබා දෙනු ලැබූවා.ඒ අනුව ඉදිකෙරුනු දැඩි සත්කාර ඒකකයේ විදුලි සැපයුම සහ නඩත්තු කටයුතු සිදු කෙරුනේ සෙලාන් බැංකුවේ නඩත්තු අංශයේ දායකත්වයෙන් වීම විශේෂත්වයක් .

එමෙන්ම මෙලෙස එකතු වූ මුදල්වලින් පොලිස් නිලධාරීන්හට මුහුණු ආරක්ෂණ ආවරණ පරිත්‍යාග කෙරුනු අතර කොටසක් කොවිඩ් අරමුදලටද බැර කරනු ලැබූවා.

මෙම ඇඳන් තව දුරටත් මෙම රෝහලේම වත්කමක් නොවන අතර මෙම සියලූම ඇඳන් රටේම ඇඳන් පද්ධතියට එකතු වන අතර කාලීන අවශ්‍යතාවයක් හඳුනාගනිමින් සෙලාන් බැංකුව විසින් ජාතික සෞඛ්‍ය පද්ධතියට සිදුකල මෙම මෙහෙවර සැබවින්ම අගය කල යුතු වනවා.