ARTICLES

ඉවත දමන පොල් ලෙල්ලෙන් ජීවිතය ජයගෙන බෙන්ස් සමාගමටත් පොල්කෙඳි විකුණන ලාංකිකයෙක්

දියුණු වෙන්න මිනිසුන්ට අලුත් වැඩකට අත ගහන්න තැනක් වෙලාවක් දිනයක් ඕන වෙන්නෙ නැහැ..ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ඒ අය සූදානම්.ඉවතලන ඕනෑම දෙයකින් නවමු ව්‍යාපාරික අවස්ථාවන් බිහි කරන්න ඒ උදවිය බොහොම දක්ශයි.අද අපි මේ කියන්න හදන්නෙත් එවැනි ව්‍යාපාරයකින් දියුණු වූ සාර්ථක මිනිසෙකු ගැනයි.

ඔහු නමින් නිශාන්ත පෙරේරා.ceylon coir fiber ආයතනයේ අධ්‍යක්ෂවරයා.පියා ආරම්භ කල ව්‍යාපාරයට නව දැනුම සහ නව තාක්ෂණය මුසු කරන්නට ඔහුට හැකිවුනා.

අපි කතාව ආරම්භයේදී සඳහන් කලා වගේ මේ ව්‍යපාරය බිහි වෙන්නෙ ඉවතලන පොල් කොහු ආශ්‍රයෙන්.අද වන විට ඔවුන් ජර්මනියේ බෙන්ස් ආයතනයට පවා සිය නිෂ්පාදන ලබා දීමට තරම් දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා.

ඇත්තටම ආත්ම විශ්වාසය සහ කැපවීම තියෙනවනම් මිනිහෙක්ට මොනවද කරන්න බැරි ? මේ තමයි හොඳම උදහරණය.

“අද වෙද්දි මේ කර්මාන්ත ශාලාව නිසා ප්‍රදේශයේ බොහෝ දෙනෙක්ට රැකියා අවස්ථා ලැබිලා තියෙනවා.තාත්තා අදටත් මට ලොකු හයියක්.මේ හැම දේටම ඔහුගේ උපදෙස් මට වටිනවා ”

මේ වන විට තමන්ගේ නිෂ්පාදන ජර්මනිය ඇතුලු යුරෝපා රටවලට මෙන්ම චීනය සහ පාකිස්තානයටද නැව් මඟින් ඔවුන් යවනු ලබනවා.

සීමාවෙන් ඔබ්බට ගොස් නවතම ව්‍යාපාරික අවස්ථා ගැන කල්පනා කරන්නේ නම් දියුණුව කියලා කියන්නේ ඔබටත් හීනයක් නෙවෙයි.

“අපි පටන් ගත්තේ බොහොම පොඩියට.ඒත් ටිකෙන් ටික දියුණු වුනා.හැම වෙලාවෙම බැලුවේ හොඳම දෙයක් අපේ ගැනුම්කරුවන්ට ලබා දෙන්න ”

ව්‍යාපාරය සාර්ථක වීමේ ප්‍රධානතම රහසද එයයි.

තමන්ටම කියා වෙනම කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට 2001 වසරේදී ඔවුන් සමත් වෙනවා.

“අපිට ඒ වෙලාවෙ හයියක් වුනේ සෙලාන් බැංකුව.විශේෂයෙන්ම මීගමුව ශාඛාව මතක් කරන්න ඕනේ.අදටත් මාස තුනකට සැරයක් ඔවුන් එනවා.මට ලොකු හයියක්..හැම වෙලාවෙම මාව දිරිගන්වනවා.”

නිශාන්ත පෙරේරා මහතා බිංදුවෙන් පටන් ගත් තම ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට උර දුන් අය ගැන සිහි කරන්නේ සංවේදි වෙමිනි.

ඔහුගේ කතාව ව්‍යවසායකයින් වීමේ සිහිනයෙන් පසුවන සියල්ලන්ටම කදිම ආදර්ශයකි.මන්ද ඔබට දියුණු වීමට අවශ්‍ය නම් ඉවතලන පොල් කොහුව පවා හොඳටෝම ප්‍රමාණවත් බව ඔහු ක්‍රියාවෙන්ම පසක් කර දී ඇති නිසාවෙනි.

වීඩියෝව පහතින්