ARTICLES

කොරෝනා හමුවේ සමාජ මාධ්‍ය මඟින් සාර්ථකව ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කරගන්නා ආකාරය ගැන වෙබ් සම්මන්ත්‍රණයක්

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරට ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකු අසීරු තත්වයට පත්ව ඇති බව රහසක් නොවේ.කිසිඳු මහජන ඒකරාශි වීමක් සිදු කල නොහැකි තත්වයක් තුල බොහෝ දෙනා සිය ව්‍යාපාරයන් ප්‍රවර්ධනය කරගනුයේ ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ ය.

නමුත් බොහෝ දෙනෙකුට මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබේද යන්න ගැටලු සහගතය.

එවන් තත්වයක් තුල සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිය ව්‍යාපාරික කටයුතු වඩාත් සාර්ථකව ප්‍රවර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වෙබ් සම්මන්ත්‍රණයක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතයි.

“පවතින වාතාවරණය හමුවේ ව්‍යාපාර වර්ධනය සඳහා Facebook නිසි ලෙස යොදාගනිමු “යන මැයෙන් සෙලාන් බැංකුව විසින් සංවිධානය කරන මෙම වෙබ් සම්මන්ත්‍රය සඳහා ෆේස්බුක් සහ youtube ඔස්සේ ඔබටද සහභාගී විය හැකියි.ඒ සඳහා පහත ලින්ක් එකෙන් ලියාපදිංචි විය යුතු අතර මෙම දේශනය ලබන සිකුරාදා (මැයි 14 ) පස්වරු 6.00 සිට 7.30 දක්වා පැවැත්වීමට නියමිතය.

මෙහි සම්පත්දායකයා ලෙසින් සහභාගී වනුයේ Roar Global ආයතනයේ උදාර ධර්මසේන මහතා ( VP – Client Success, Facebook ASP at Roar Global ) වන අතර ව්‍යපාර වර්ධනය සම්බන්ධයෙන් ඔබට ඇති ඕනෑම ගැටලුවක් පිලිබඳව එහිදී සාකච්චා කල හැකියි.

සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසකට සෙලාන් බැංකුව විවිධ සහන සහ අතහිත ලබා දෙන බව රහසක් නොවේ.”ඔබ පා නඟනා අප ඉන්නේ”යන තේමාවෙන් පසුගිය කාලය පුරාවටම ඔවුන් විසින් වරින් වර මේ ආකාරයෙන් ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැසටහන් පවත්වනු ලැබූ අතර මෙම වැඩසටහන මඟින් නිවැරදිව සමාජ මාධ්‍ය භාවිතා කරමින් ව්‍යාපාරික අවස්ථා ප්‍රවර්ධනය කර ගැනීම පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීම අරමුණයි.

ඒ සඳහා ඔබටද මෙතනින් ලියාපදිංචි විය හැකියි.