NEWS

PCR මාෆියාව නිසා ප්‍රථිපල ප්‍රමාදයි : භුමියේ ඇති අවදානම ගැන පැහැදිලි කර ගැනීමට අපහසුයි – කොවිඩ් මර්ධන කමිටුව පෙන්වා දෙයි

කොවිඩ් තෙවැනි රැල්ලත් සමග ඇරඹි පීසීආර් මාෆියාව නිසා පර්යේෂණාගාරවලට දැරිය නොහැකි ලෙස නියැදි ගොඩගැසීමෙන් භූමියේ කොවිඩ් ව්‍යාප්තිය හඳුනා ගැනීමේ බරපතළ ගැටලුවක් පැන නැගී ඇතැයි කොවිඩ් වාර්තා කමිටුව අනතුරු හඟවා ඇත.

පී.සී.ආර්. ප්‍රතිඵල ප්‍රමාදය නිසා භූමියේ තත්ත්වය විශ්ලේෂණය කිරීම අසීරුවන බවත්, පළමු දිනයේම අපේක්ෂිත ප්‍රතිඵලය ලැබේ නම් ඉක්මනින් හුදකලා කළ යුතු හා නිරෝධායනය කළ යුතු අය හඳුනා ගැනීමට හැකියාව තිබෙන බවත් කොවිඩ් කමිටුවේ නිලධාරින් පෙන්වා දී තිබේ.

පීසීආර් මාෆියාවට සම්බන්ධ විවිධ කණ්ඩායම් තුළ පර්යේෂණ තීව්‍ර කළ යුතු බවට මතයක් ඇති කිරීම නිසා පසුගිය දින කිහිපය තුළ දිනකට දසදහස ඉක්ම වූ පීසීආර්. පරීක්ෂණ ගොඩගැසී තිබිණි.

දිනකට පරීක්ෂණ පහළොස්දහසක් පමණ මෙරට පර්යේෂණාගාර තුළ කිරීමට හැකියාව ඇතත් පසුගිය දිනවල දිනකට 31,000 ක් දක්වා පීසීආර්. පරීක්ෂණ සිදුකර තිබුණේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ නියෝග පවා නොතකා බව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන කමිටුව හමුවේ අනාවරණ වී ඇත. පසුගිය අප්‍රේල් 15 දායින් පසුව දින 19 ක් තුළ රජයේ පර්යේෂණාගාරවල පීසීආර් පරීක්ෂණ ලක්ෂ දෙකක් කරද්දී පෞද්ගලික රෝහල් පර්යේෂණාගාරවල පීසීආර් පරීක්ෂණ ලක්ෂයක් කර තිබිණි. ඉන් පනස්දහසක්ම එක් ප්‍රධාන පෞද්ගලික රෝහලක් මගින් හිතුමතේට කර ඇතැයි අනාවරණ වේ.

පී.සී.ආර්. ප්‍රතිඵල ප්‍රමාදය නිසා භූමියේ තත්ත්වය විශ්ලේෂණය කිරීම අසීරුවන බවත්, පළමු දිනයේම අපේක්ෂිත ප්‍රතිඵලය ලැබේ නම් ඉක්මනින් හුදකලා කළ යුතු හා නිරෝධායනය කළ යුතු අය හඳුනා ගැනීමට හැකියාව තිබෙන බවත් කොවිඩ් කමිටුවේ නිලධාරින් පෙන්වා දී තිබේ.

පී.සී.ආර්. මාෆියාවට සම්බන්ධ විවිධ කණ්ඩායම් තුළ පර්‌යේෂණ තීව්‍ර කළ යුතු බවට මතයක් ඇති කිරීම නිසා පසුගිය දින කිහිපය තුළ දිනකට දසදහස ඉක්ම වූ පී.සී.ආර්. පරීක්ෂණ ගොඩගැසී තිබිණි. දිනකට පරීක්ෂණ පහළොස්දහසක් පමණ මෙරට පර්‌යේෂණාගාර තුළ කිරීමට හැකියාව ඇතත් පසුගිය දිනවල දිනකට 31,000 ක් දක්වා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබුණේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ නියෝග පවා නොතකා බව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන කමිටුව හමුවේ අනාවරණ වී ඇත.

පසුගිය අප්‍රේල් 15 දායින් පසුව දින 19 ක් තුළ රජයේ පර්‌යේෂණාගාරවල පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂ දෙකක් කරද්දී පෞද්ගලික රෝහල් පර්යේෂණාගාරවල පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂයක් කර තිබිණි. ඉන් පනස්දහසක්ම එක් ප්‍රධාන පෞද්ගලික රෝහලක් මගින් හිතුමතේට කර ඇතැයි අනාවරණ වේ.