ARTICLES

පෙට්‍රල් ගහනකොට අන්තිම බිංදුව දක්වාම සැලකිල්ලෙන් ඉන්න..නැතිනම් මේ වංචාවන් ඔබටත් සිද්ද වේවි

පෙට්‍රල් ගහද්දි ඕනෑ තරම් වංචාවන් සිදුවන බව රහසක් නෙවෙයි.පහුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ සාක්ෂිත් එක්කම බොහෝ දෙනෙකු මේ ගැන කතා කරන්නට වුනා.

පෙට්‍රල් ගහනකොට ඇත්තටම වංචාවන් වෙන්න පුලුවන්ද ? මේ ගැන අද අපි කතා කරන්න හිතුවා.

මෙහිදී ක්‍රම කිහිපයටකටම පාරිභෝගිකයන් රවට්ටන බවයි මේ අප්‍රසන්න අත්දැකීමට මුහුණ දුන්න අය කිව්වේ.

සාමාන්‍යයෙන් වාහනයක් භාවිතා කරන ඔබ මාසයකට අවම වශයෙන් හත් අට පාරක්වත් ඉන්ධන ලබා ගන්න පෙට්‍රල් ෂෙඩ් එකකට ගොඩ වදිනවා ඇති.

හැබැයි ඒ යන බොහොමයක් අවස්ථාවල ඉන්ධන මීටරේ මුලින්ම තියෙන්නෙ බිංදුවද කියලා හරියට බලන්න අපේ ගොඩක් අය අමතක කරන දෙයක්.සමහර විට ඔබ වාහනයේ වීදුරුව පහත් කරලා මුදල් ටික දීලා වෙනත් කල්පනාවකින් ඉන්නවා වෙන්න පුලුවන්.එහෙමත් නැතිනම් ඉතිරි මුදල් ආපහු අරගෙන පර්ස් එකට දාගන්නවා වෙන්න පුලුවන්.මේ තත්පර කිහිපයේදී වාහනේට පෙට්‍රල් ගහන්න පටන් අරගෙනනේ.ඉතින් එතකොට අපි අර කිව්ව මීටරේ දිහා බලන්න අමතක වෙන එක සාමාන්‍ය දෙයක්.ඒ නිසා ගහන සතේටම තෙල් වදිනවද කියන එක ගැන අවධානයෙන් ඉන්න.

අනිත් එක තමයි එක එක ෂෙඩ් වලින් පෙට්‍රල් ගහනකොට එක එක ප්‍රමාණයෙන් තෙල් වදින එක.එතකොටම ඔයාට හිතාගන්න පුලුවන් නේද අනිවාර්යයෙන්ම ඔයා වංචාවකට මුහුණ දීලා කියලා.

ඒ වගේම තමයි හැම වෙලේම බින්දුවටම තෙල් වැදුනද බලන්න.මේක නම් ගොඩක් වැදගත් කරුණක්..ඒ නිසා ඉන්ධන පොම්පය අසාමාන්‍ය විදිහට සෙලවෙනවනම්,වෙනසක් දකිනවනම් ඒ ගැන වහාම පැමිණිලි කරන්න.මොකද සමහර වෙලාවට ඉන්ධන එනවා වගේ පෙනුනට ඔබේ වාහනයේ ඉන්ධන ටැංකියේ වැඩි ප්‍රමාණයක් වාතයෙන් පිරෙන්න පුලුවන් .

අපේ රටෙත් බොහොමයක් පෙට්‍රල් ෂෙඩ්ස් වල මේ විදිහේ වංචාවන් සිදුවෙනවා කියලා සමහරු නම් අත්දැකීමෙන්ම දන්නවා.
 
ඔබ තෙල් ගහන තැන විශ්වාසද? මොකද හැමදාම එකම තැනින් එකම ගානකට ගහනකොට වුනත් මේ සතියේ ගහන ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් ලබන සතියේ වදිනවනම් එතන කුමන හෝ වංචාවක් වෙනවා කියන එක තේරුම් ගන්න අපහසු වෙන එකක් නැහැ.

අනිත් කාරණය තමයි ගෙවන මුදලට සරිලන තෙල් ප්‍රමාණය වදිනවද යන්න ගැන සැලකිලිමත්වන්න.මොකද සමහරවිට ඔබ රුපියල් 1000 ක් දුන්නම වදින්නේ ඊට අඩුවෙන් නම් ඇත්තටම ඔබට සැලකිය යුතු පාඩුවක් එහිදි සිදුවෙනවා.

ඉතින් මේ වගේ වංචාවන් සිදු නොවන වගකිවයුතු පෙට්‍රල් ෂෙඩ් එකකින් ඉන්ධන ලබා ගැනීම ඔබේ වගකීමක්.එහෙම වුනොත් ගහන සතේටම තෙල් ටික වදිනවද කියලා ආයෙ අමුතුවෙන් බලන්න ඕන වෙන්නෙත් නෑ