NEWS

පිට පිට 05 වන දිනටත් ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 03 ඉක්මවයි

 පිට පිට 05 වන දිනයටත් අද දින ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් තුන් ලක්ෂය ඉක්මවා වාර්තා වුවා. ගතවූ පැය 24 තුලදී ද ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 354,531ක් සහ මරණ 2,806ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර දිනෙන් දින ඉහල යන කොවිඩ් ආසාදිතයින්ගේ මළ සිරුරූ ආදාහනය කිරිමට නොහැකිව එරට ආදාහනාගාර සහ සුසාන භුමි සේවකයින් දැඩි පරිශ්‍රමයක් දරන මට්ටමට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඇතැම් ආදාහනාගාරවල කොවිඩ් මළ සිරුරූ ආදාහනය කිරීමට තරම් සේවකයින් නොමැති නිසා මියගිය පුද්ගලයින් ගේ ඥාතීන්ටම ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට සිදුව ඇති බවට වාර්තා වනවා.

දිනෙන් දින උග්‍රවන කොවිඩ් ආසදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ගතවූ වසර 02 තුළදී විශ්‍රාම ගිය ආරක්ෂක අංශවලට සම්බන්ධ වෛද්‍ය අංශ සේවකයින්ට යලි සේවයට වාර්තා කරන ලෙස ඉන්දීය රජය ඇරයුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.