NEWS

හෝටලේ තිබ්බ මඟුලට නිරෝධායනය කළ ගෙදරකින් මස් ගෙනත්

තිත්තවැල්ගාල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් සිටින හෙයින් නිරෝධායනය කර ඇති නිවසකින් කුකුළු මස් තොගයක් රැගෙන ගිය කුඹුක්ගැටේ නෙලුම්වැව ප්‍රදේශයේ හෝටල් හිමියෙකු ඇතුළු තවත් සිව්දෙනෙක් නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.

පසුගිය 24 වන දින දහවල් හෝටල් හිමියා ත්‍රිරෝද රථයකින් පැමිණ මෙම මස් තොගය රැගෙන යන අතර මග රැකවලේ යෙදීසිටි පොලිස් කාන්තාවක් රථය නවත්වන ලෙස දන්වා සිටියත් එම අණ නොතකා රථය ධාවනය කර ඇත.

පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දීමෙන් අනතුරුව අදාල නිවසේ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමේදී මස් රැගෙන ගිය හෝටල් හිමියා සම්බන්ධව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.

මහජන පරීක්ෂකවරුන් අදාල හෝටලය ගොස් පරීක්ෂා කිරීමේ දී මෙම මස් තොගය සොයා ගෙන ඇති අතර කිලෝ ග්‍රෑම් 25 ක් පමණ වන මස් තොගය මුද්‍රා තැබූ බව කුඹුක්ගැටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක මහතා පවසයි.

නිරෝධානය කාල සීමාවෙන් පසුව අදාල හෝටල් හිමියාට නඩු පැවරීමට කටයුතු කර බව මහජන සෞඛ්‍ය පරීක්ෂක බස්නායක මහතා පවසයි.

හෝටල් හිමියා විසින් අදාල මස් තොගය රැගෙන ගොස් ඇත්තේ හෝටලයේ පැවැත්වීමට නියමිතව ඇති විවාහ මංගල උත්සවයක් සදහා බවට සැක කරයිm