NEWS

මෙරට ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේද 05ක් පිළිබඳව හෙට විශේෂ පරීක්ෂණයක්

ශ්‍රී ලංකාවේ මේ වන විට පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයන් පහක් හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු හෙට (27) ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදී හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර සිටිනවා.

මෙම පරික්ෂණය කිරීම සඳහා නව පරීක්ෂණ කට්ටලයක් කොරියාවේ සිට ගෙන්වන බවත් එය හෙට (27) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ලැබීමට නියමිත බවත් ඔහු සඳහන් කළේ.

ඒ අනුව නව ප්‍රභේද සොයාගැනීමේ පරික්ෂණයන් හෙට (27) දිනයේදීම ආරම්භ කර එදිනම වාර්තාවන් ලබා ගැනීමට කටයුතු කෙරෙනු ඇත.

මෙරට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයන් පිළිබඳව මෙම පරීක්ෂණයන්ගේ ප්‍රතිඵල මත පැහැදිළි විස්තරයක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.