රිලා සංගණනය විද්‍යාත්මකයි..! හිනාවෙන්න එපා

කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කෘෂිකාර්මික බෝග හානි සිදුකරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනය

කෘෂිකාර්මික බෝග සඳහා හානි කරන වන ජීවීන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය සැලකිය යුතු අර්බුදයකට මුහුණ දී සිටියි. වාණිජ කෘෂිකර්මය මෙන්ම ගෙවතු වගාවන්ට ද මේ තත්ත්වය හානිකර ලෙස බලපා ඇත.

මෙම අහිතකර තත්වය එළවළු, පලතුරු ඇතුළු බවබෝග අස්වැන්න අඩු වීම, මිල ඉහළ යාම සිට ආහාර සුරක්ෂිතතාවය හා මන්දපෝෂණ තත්ව දක්වා පුළුල් පරාසයක සෘනාත්මක බලපෑමක් ඇති කරයි.

එනිසාම තම වගාවන්ට වනජිවීන් වෙතින් සිදුවන හානියට තිරසාර විසඳුමක් ලබාදෙන ලෙස කාලයක් තිස්සේ ගොවි සංවිධාන ඇතුළු ප්‍රජා සංවිධාන හා සමාජ කණ්ඩායම් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතී.

හිතකර පරිසර තත්ත්ව, සුලබ ආහාර, ස්වභාවික විලෝපිකයන් නොමැති වීම ඇතුළු කරුණු හේතුවෙන් පාලනයකින් තොරව ගහන ව්‍යාප්තිය සිදුවන සත්ව විශේෂ කිහිපයක් මෙම වගා හානි වලට වැඩි වශයෙන් හේතු වී තිබේ.

කෙසේ වෙතත් බොහෝ ක්ෂේත්‍රයන් මෙන්ම මෙම ගැටළුවේදී ද අවශ්‍ය තරම් දත්ත නොමැති වීම සාධනීය තීරණ ගැනීමේ හැකියාවට සීමාකාරී සාධකයක් වී ඇත

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ