ARTICLESGALLERY

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයන් කොවිඩ් හමුවේ පරිසර පවිත්‍රාව වෙනුවෙන් පෙරට එති

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් ආරම්භ කරන ලද ‘‘සයුර රකින රැල්ල‘‘ තිරසර වෙරළ පවිත්‍රතා වැඩසටහනේ පළමු අදියර ඩයලොග් සමාගම සහ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ එකමුතුවෙන් පසුගියදා මීගමුව සාරුක්කුව වෙරළ තීරයෙන් ආරම්භ වුණා. දිවයින වටා පවතින වෙරළ පවිත්‍රව තබාගැනීමේ අරමුණින් යුතුව ආරම්භ වූ මෙම වැඩසටහනේ පළමු දිනයේදීම අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 770 ක් සුරක්ෂිතව බැහැර කිරීම සඳහා වත්තල ප්‍රාදේශීය සභාවට භාරදීමට කටයුතු කරනු ලැබුවා.

ජාතික රග්බි කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, වත්මන් කාන්තා සහ පිරිමි හිටපු ක්‍රීඩකයන් මෙන්ම ජනප්‍රිය සංගීතවේදීන් වන භාතිය හා සන්තුෂ්, ශ්‍රී ලංකා රග්බි ආතයනයේ බලධාරීන් මෙන්ම ඩයලොග් කාර්යමණ්ඩලයද මේ සඳහා එක්ව තිබුණා.

ලෝක බැංකුවේ සමුද්‍ර දූෂණය පිළිබඳ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව අසතුටුදායක ස්ථානයක ශ්‍රේණිගතව සිටින අතර 2015දී ලොව දරුණු ලෙස වෙරළ දූෂණය කරන රටවල් අතර 5 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ දුර්වල ක්‍රමවේදයයි.

මෙම විශේෂ අවස්ථාවට එක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් රැකගැනීම උදෙසා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීම වෙනුවෙන් ඩයලොග් සහ ශ්‍රී ලංකා රග්බි ආයතනයට අපි ස්තුතිවන්ත වෙන බවත් මෙම වැඩසටහන තුළින් දීර්ඝකාලීන ව අනෙකුත් ක්‍රීඩා සංගම්, ආයතන වගේම සිවිල් සමාජයටත් පෙරට පැමිණ රටේ පුරවැසියන් වෙනුවෙන් පමණක් නොවේ, සොබාදහම සහ සතා සිව්පාවා වෙනුවෙනුත් තම වගකීම ඉටුකිරීමේ ජාතික කාර්යයට උරදීම දිරිගැන්වීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරයේ අවංක අපේක්ෂාව බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *