WORLD

ලොක් ඩවුන් කිරීම නිසා එංගලන්තයේ කොවිඩ් ආසාදිතයින් ගණන පහතට

එංගලන්තයේ කොවිඩ් වෛරස් ආසාදන මට්ටම ප්‍රබල ලෙස පහත වැටී ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

එම අධ්‍යයනයෙන් හෙළිවී ඇත්තේ 2021 ජනවාරියේ සිට එරට කොවිඩ් වෛරස් ආසාදන මට්ටම ප්‍රබල ලෙස පහත වැටී ඇති බවය.

“ලොක්ඩවුන් සීමා” ක්‍රියාත්මක වූ දා සිට එංගලන්තය පුරා ආසාදන මට්ටම තුනෙන් දෙකකින් අඩුවී ඇති බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි සිදුකළ අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ.

ඒ අනූව ලන්ඩන් නුවර ආසාදන මට්ටම 80% කින් පහත වැටී ඇති බව සඳහන් ය.

පෙබරවාරි 4 සිට 13 දක්වා කාලය තුළ පුද්ගලයින් 200 දෙනෙකුගෙන් එක් අයෙකු ආසාදිතයෙක් බව හඳුනාගෙන තිබුණි.

අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින්ගේ 85,000කට වඩා වැඩියෙන් යොදාගෙන සිදුකළ මේ අධ්‍යයනයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට “සමාජ දුරස්ථභාවය සහ සීමා පැනවීම” බලපෑමක් ඇතිකරන බවය.

කෙසේ වෙතත් දැනට පවතින ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමට පෙර කොවිඩ් වෛරස් පැතිරීම වැළැක්වීම සඳහා එන්නත්වල ඇති බලපෑම පිළිබඳ සොයාබලන බව අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *