බටහිර අප්‍රිකාවේ වසර 05 කට පසු ඉබෝලා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මියගිය පිරිස අතර සෞඛ්‍ය සේවිකාවක් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉබෝලා වෛරසය ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන රොගීන් 08 දෙනෙකු ද නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
මීට වසර 05කට පෙර දරුණු ව්‍යාප්තියක් පෙන්නුම් කළ ඉබෝලා වෛරසයෙන් පුද්ගලයින් 11,000ක් පමණ මියගොස් තිබුණි.
යළි මතුව ඇති ඉබෝලා වෛරස අවදානම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කඩිනම් පියවරගන්නා බව එරට බලධාරීන් සඳහන්කර තිබේ.
අද දෙරණ