ARTICLES

කොවිඩ් මර්දනයට ඖෂධීය කංසා සුදුසු බවට පර්යේෂණවලින් අනාවරණය වෙයි ?

ලොව කැළඹීමට පත්කළ මාරාන්තික කොරෝනා වෛරසයට තවමත් නිසි ඖෂධයක් සොයාගෙන නොමැති මොහොතක, සුපුරුදු ලෙසම බටහිර ඇස් යොමු වන්නේ අපගේ හෙළ දැනුම් පද්ධතියේ ඉපැරණි රාජකීය ඖෂධය ලෙස හඳුන්වන කංසා පැළෑටිය වෙතටයි.

ලොව සුප‍්‍රකට www.healtheuropa.eu වෙබ් අඩවිය වාර්තා කරන පරිදි නවතම පර්යෙෂණ මගින් පෙන්වා දී ඇත්තේ Covid-19 වෛරසයට එරෙහිව සටන්කිරීමට කංසා ශාකයට ඉතා ඉහල ශක්ති විභවයක් ඇති බවයි.

කංසා ශාකසාරයෙහි ඇති කැනබිඩියෝල් (Cannabidol – CBD) වැනි කැනබිනොයිඩයන් (Cannabinoids) අඩංගු සංඝටක අතීතයේ සිටම විවිධ රෝගලක්ෂණ සඳහා ප‍්‍රතිකාර කිරීමට භාවිතා කළබව ලොවෙන් සැඟවිය හැකි කරුණක් නොවේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය පවා එයට සාක්ෂි දරයි.
අපගේ ශරීරයේ ඇති එන්ඩොකැනබිනොයිඩ පද්ධතිය (Endocannabinoid system – ECS) සමග ඍජුව සම්බන්ධ වී ඉක්මනින් ක‍්‍රියාකිරීමට කංසා ශාකසාරයෙහි ඇති කැනබිනොයිඩයන්ට විශේෂ හැකියාවක් ඇත.

තවද, කැනබිඩියෝල් සංඝටකය (Cannabidiol – CBD) තුල ඇති Anti – inflammatory හ (ඇන්ටි – ඉන්ෆ්ලේමටරි) නැමති ගුණාංගය නිසා එය වාහිණී පීඩනය (Vascular tension) පාලනය කිරීමටත්, වෛරසය නිසා හටගන්නා ශාරීරික වේදනාවන් සහ මානසික කාංසාව (Anxiety) මැඩලීමටත් උපයෝගී වේ.

එමනිසා පර්යේෂණ වාර්තා විසින් පෙන්වාදෙන පරිදි නිසි ආකාරයේ සෞඛ්‍යමය නියාමනයක් යටතේ සායනිකව අනෙකුත් කැනබිනොයිඩයන් සහ (Terpenes) සමග කැනබිඩියෝල් සංඝටකය (Cannabidiol – CBD) යොදාගැනීමෙන් කොරෝනා වයිරසයේ බොහෝ රෝගලක්ෂණ නිවාරණයට හැකියාවක් ඇත.

කංසා ශාකයෙන් ලබාගන්නා තවත් විවිධ සංඝටක රාශියක් අහිතකර රුධිර කැටිගැසීම් වැලැක්වීමට උපයෝගී වන බව සතුන් යොදාගෙන කළ පර්යේෂණ හරහා වාර්තා වී ඇත.

කොවිඞ්-19 රෝගය රුධිරයේ කැටිගැසීමේ ක‍්‍රියාවලියටද බලපාන බව පෙනී යන බැවින් මෙම තත්ත්වය යටතේ ඖෂධීය කංසා ශාකසාරය බොහෝ රෝගලක්ෂණ සඳහා වඩා ක‍්‍රියාකාරී ඖෂධයක් වනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි.


Covid-19 රෝගය වඩාත් ගැඹුරින් ව්මර්ශනය කිරීමේදී පෙනී යන්නේ සයිටකීන් ස්ටෝර්ම් සින්ඩ්‍රෝමය (cytokine storm syndrome) නැමැති සංසිද්ධිය සහ කොරෝනා වෛරසයට එය සමග ඇති සහසම්බන්දය හේතුවෙන් ඇතිවන තවත් සෞඛ්‍යමය ගැටළු රාශියක් ඇති බවය.

මෙම සින්ඩ්‍රෝමය මගින් අධික ලෙස සයිටකීන් (cytokine) නැමති ප්‍රෝටීනය ශරීරයට මුදාහරිනු ලබයි. මෙම ප්‍රෝටීන පෙනහළු වලට පහර දෙමින් හයිපර් ඉන්ෆ්ලැමේෂන් (Hyper inflammation) නැමති තත්ත්වය ඇති කරයි.

කංසා ශාකසාරයේ ඇති CBD සහ THC සංඝටක මගින් මෙම හයිපර් ඉන්ෆ්ලැමේෂන් (Hyper inflammation) නැමති තත්ත්වයට මුහුණ දෙන රෝගීන් හට එම තත්වය පාලනය කිරීමට ඖෂධයක් ලබාදියහැකි බව පර්යේෂණ වාර්තා වලින් පෙනී යයි.

මෙම රෝගී තත්වය හමුවේ අපගේ ශරීරයේ ප‍්‍රතිශක්තීකරණ ඒකකය දක්වන ගැටළුකාරී ප‍්‍රතික‍්‍රියාවන් අවම කිරීමේ හැකියාවක් කැනබිනොයිඩයන්ට (Cannabinoids) සහ ටර්පීනයන්ට (Terpenes) ඇති බව තහවුරු කිරීමට මේ වනවිට පර්යේෂණ දියත් වෙමින් පවතී.

මෙහි විශේෂත්වය වන්නේ අනෙකුත් ඖෂධයන් මෙන් නොව කැනබිනොයිඩයන් (Cannabinoids) සහ ටර්පීනයන් (Terpenes) අඩංගු ඖෂධ මගින් ප‍්‍රතිශක්තීකරණ ඒකකයේ ක‍්‍රියාවලිය අඩාල නොකරමින් ප‍්‍රතිශක්තීකරණ ඒකකය දක්වන ගැටළුකාරී ප‍්‍රතික‍්‍රියාවන් පමණක් පාලනය කිරීමට හැකිවීමයි.

ඉහත විස්තර ඇතුලත් පර්යේෂණ පත‍්‍රිකා වැඩිදුර කියවීමට අවැසි ඔබට ඒ පිලිබඳ පහතින් දක්වා ඇත.

(මෙම ලිපිය www.healtheuropa.eu වෙබ් අඩවියේ පලවූ ලිපියක් අනුසාරයෙන් සකස් කළ ලිපියක් බව කරුණාවෙන් සලකන්න )

1 Coronavirus: what happens when you get infected? WebMD: https://www.webmd.com/lung/coronavirus-covid-19-affects-body#1.

2 C. Coetzee, R.-A. Levendal, M. van de Venter, C.L. Frost. Anticoagulant effects of a cannabis extract in an obese rat model. Phytomedicine 14 (2007) 333–337.

3 Kander, T. Coagulation disorder in COVID-19. https://doi.org/10.1016/ S2352-3026(20)30217-9.

4 Wang, B.; Kovalchuk, A.; Li, D.; Ilnytskyy, Y.; Kovalchuk, I.; Kovalchuk, O. In search of preventative strategies: novel anti-inflammatory high-CBD Cannabis Sativa extracts modulate ACE2 expression in COVID-19 gateway tissues. Preprints 2020, 2020040315 (doi: 10.20944/preprints202004.0315.v1).

5 Mabou Tagne A, Pacchetti B, Sodergren M, et al. Cannabidiol for viral diseases: hype or hope? Cannabis Cannabinoid Res. 2020;5:121–131.

6 InnoCan Pharma collaborates with Tel Aviv University to develop a new revolutionary approach to treat the COVID-19 coronavirus with exosomes-loaded CBD. https://finance.yahoo.com/news/innocan-pharma-collaborates-tel-aviv-204600158.html.

Main source link : https://www.healtheuropa.eu/medicinal-cannabis-may-play-a-significant-role-during-covid-19/103093/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *