NEWS

සේරුවාවිල රත්තරන් නිධියට කැනඩා බහිරවයෙක් අරක් ගනී..දැනටමත් වැඩ පටන් අරගෙන ?

සේරුවාවිල රන් නිධියක් ගැන රට පුරා කතා කරන්නට පටන් ගනිද්දී එම නිධියේ පර්යේෂණ කටයුතු කැනඩාවේ සමාගමකට භාරදී ඇතැයි වාර්තා වේ .

කැනඩා සමාගමේ මවු සමාගම ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකාවේ බවද කියති.

රත්රන් හා තඹ ලෝහ වර්ග ඇතැයි නිරික්ෂණය වී ඇති මෙම නිධියේ පර්යේෂණ කටයුතු සඳහා කැනඩා සමාගමට පතල් කාර්යාංශය මඟින් කැණීම් සඳහා බලපත්‍රයක්ද මේ වන විට නිකුත් කර තිබේ.

මේ තොරතුරු අනාවරණය වී තිබෙන්නේ පසුගිය සතියේ පරිසර අමාත්‍යාංශයේදී ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉහළ නිලධාරින්ගේද සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.

වාර්තා වන අන්දමට කැනඩා සමාගමේ කැණීම් කටයුතු පිළිබඳව විශේෂඥ පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිය පරික්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ.

අමාත්‍යාංශය පවා දැනුවත් නොකරමින් කැනඩා සමාගමට පර්යේෂණ කටයුතු සඳහා බලපත්‍රයක් දීම ගැන අමාත්‍යාං ලේකව්රවයා මේ සාකච්ඡාවේදී පතල් කාර්යාංශයේ නිලධාරීන්ට දොස් පැවරූ බවද වාර්තා වේ.

භූ විද්‍යාඥයන් පවසන්නේ රත්රන් පවතින නිධික ග්ලැටිනම්, රිදී, තඹ වැනි ලෝහ පිහිටි භූ ස්තරයක පැවැතිය හැකි බවත් සේරුවාවිල පිහිටා තිබෙන්නේ එවැනි භූ ස්තරයක් බවයි.

භූ විද්‍යා කාර්යාංශයේ ඉහළ නිලධාරියකුගෙන් කැනඩා සමාගමට බලපත්‍රයක් දී තිබීම ගැන ‘මව්බිම’ කළ විමසීමකදී පිළිතුරු වශයෙන් කීවේ,
1992 අංක 33 දරන පතල් පනතට අනුව මෙවැනි පරීක්ෂණ සඳහා විදේශ සමාගමකට අවසර දෙනු ලබන්නේ දේශීය වශයෙන් මෙවැනි සමාගමක මැදිහත්වීම හා අවසරය ඉල්ලා සිටීම මත පමණක් බවත්, ඒ අනුව එම පරීක්ෂණ කටයුතුවලදී සියයට 60ක අයිතියක් දේශීය සමාගමටත් සියයට 40ක අයිතියක් විදේශ සමාගමටත් හිමි වන බවයි.

විදේශ සමාගම ඒ අන්දමට මේ රටේ මේ ආකාරයේ සමීක්ෂණ පවත්වා තිබෙන බවත් සමීක්ෂණවල ප්‍රතිඵල සාර්ථක නැතිනම් ඔවුන් ආපසු යන බවත්ය.

විදේශ සමාගමකට බලපත්‍රයක් දෙනු ලබන්නේ
ඉහත කී පනතේ ප්‍රතිපාදනවලට අනුවම බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

උපුටා ගැනීම -මව්බිම පුවත්පත

(Thumbnail -Sample Image Only )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *