NEWS

ගුවන් යානා 10 කින් තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මව්බිමට ගෙන්වා ගනී

විදෙස්ගතව සිටින හැටහයදාහසක ශ්‍රී ලාංකිකයන් කඩිනමින් මෙරටට ගෙන ඒමේ නව පියවර අරඹමින් ඊයේ (14 වැනිදා) ශ්‍රීලන්කන් ගුවන් යානා තුනකින් පන්සිය නවදෙනෙකු මෙරටට රැගෙන විත් ඇත.

නිරෝධායනය කරන පිරිස තවත් තුන්දහසකින් වැඩිකරමින් පෙරේදා (13 වැනිදා) සිට හයදහසක් පමණ දෙනා රඳවා තැබීමට නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කොවිඩ් මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

ඒ දිනපතා පන්සිය බැගින් විදෙස් රටවල රැඳී සිටින හැටහය දහස රැගෙන ඒමට ජනාධිපතිවරයා කොවිඩ් මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට දුන් උපදෙස් මතය.

විශේෂ ශ්‍රීලන්කන් ගුවන් යානා තුනෙන් ඊයේ (14 වැනිදා) පැමිණි අය අතර ඕමානයෙන් 290ක්, ඊශ්‍රායලයෙන් 119ක් සහ දකුණු කොරියාවෙන් 95ක් රැගෙන විත් ඇත. මීට අමතරව තවත් ශ්‍රීලන්කන් ගුවන් යානා තුනකින් අනූනවදෙනෙකු මාලදිවයින, පාකිස්ථානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඊයේ (14 වැනිදා) පැමිණ තිබිණි. ඒ අනුව ඊයේ (14 වැනිදා) දිනයේදී මෙරටට ගුවන් යානා දහයකින් පැමිණි මුළු ගණන 800ක් පමණ වෙති.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *