NEWS

පාර්ලිමේන්තු කොවිඩ් පොකුරක් ආරම්භ වීමේ අවදානමක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන තිදෙනෙකුටම කොවිඩ් ආසාදනය වීමත් සමඟම “පාර්ලිමේන්තු කොවිඩ් පොකුරක්”ආරම්භ වීමේ අවදානමක් මතුව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා මේ වන විටත් රෝගයට ප්‍රතිකාර ලබන අතර හකීම් මහතා හා සමීපව කටයුතු කල මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ඊයේ සිට ස්වයං නිරෝධායනයට ලක් වනවා.

දයාසිරි ජයසේකර මහතා නව වසරේ ආරම්භය වෙනුවෙන් ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති හමුවකටද එක්ව සිටි අතර එහිදී අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඔහු සමීපයේ සිටිනු දක්නට ලැබුනා.

මේ අතර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටද කොවිඩ් රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.

පසුගියදා ඔහුගේ උපන් දිනයද යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් ඔහුගේ කාර්‍යාලයේ සේවක මණ්ඩලය තේ පැන් සංග්‍රහයක්ද පවත්වා තිබුනා.මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙන්ම ප්‍රියත් බන්දු වික්‍රම සහ නිශාන්ත රණතුංග යන මහත්වරුන්ද එක්ව සිටිනු දක්නට ලැබුනා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදී පාර්ලිමේන්තු සැසිවාරයන් ද පැවති අතර එම නිසාවෙන් රෝගය සෙසු මන්ත්‍රීවරුන්ට ද ආසාදනය වීමේ යම් ඉඩ කඩක් පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *