NEWS

පිටරටින් එන ලාංකිකයන්ට ගෙදරදීම නිරෝධායනයට ඉඩ දෙන්න – ඇමති නාමල්ගෙන් ඉල්ලීමක්

මෙරටට ගෙන්වා ගන්නා ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන් රජය විසින් නොමිලේ ලබාදෙන හෝටල්වල හෝ ඔවුන්ගේ නිවෙස්වල අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට අවසර දෙන ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා ඇත. ඇමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ පෙරේදා (4 වැනිදා) පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදීය.

රැකියා අහිමිව අසීරුතාවට පත්ව ඇති විදෙස්ගත ශ්‍රමිකයන් සතුව දැනට ඉතිරිව ඇති ඉතුරුම් මෙරටට පහසුවෙන් ගෙන ඒමට රජය සහන ලබාදිය යුතු බවද ඇමැතිවරයා එහිදී පෙන්වා දී තිබේ. රජය විසින් මුදල් ගෙවා ලබාගන්නා හෝටල්වල මෙරටට ගෙන්වා ගන්නා ශ්‍රමිකයන් නොමිලේ නිරෝධායනය සඳහා යොදා නොගන්නේ මන්දැයි යන්න මෙම රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. එසේම සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් සහන මිලකට ශ්‍රී ලන්කන් ගුවන් සේවය හරහා ප්‍රවේශ පත්‍ර ලබාදිය යුතු බවද ක්‍රීඩා ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *