NEWS

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ආදි වාසීන්වත් පත් කිරීමේ සූදානමක්

දිවයින පුරා විසිරී සිටින විවිධ ජන කොටස්වල නියෝජිතයන් කෘත්‍යධිකාරී මණ්ඩලයට නම් කිරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇත. පක්ෂයේ නව ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 75කි.

ජාතික විධායක කමිටුවට 550ක සාමාජිකයෝ ඇතුළත් වෙති. මෙහි දී ධීවර, ආදිවාසීන්, මැටි කර්මාන්තකරුන්, වෙළෙඳ ප්‍රජාව, ඇතුළු වෙනත් ජන කොටස්වල ප්‍රධාන පෙළේ නියෝජිතයන්ද ඇතුළත් කිරීමට නියමිතය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තිකයන්ගෙන් ප්‍රධාන පෙළේ නායකයන්ද කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට තීරණය කර ඇත.

මෙම සියලු පත්කිරීම් නායකයාට තනිව කිරීමට නොහැකි අතර කළමනාකරණ කමිටුවේ නිර්දේශ මත සිදු කිරීමට සැලසුම් කර ඇත. ජනවාරි මාසයේ දී සමගි ජන බලවේගයේ මහ සමුළුව පවත්වා නව තනතුරු සඳහා සුදුස්සන් නම් කිරීමටද නියමිතය.

උදයජීව ඒකනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *