NEWS

යුක්‍රේන සංචාරකයින් එකඟතා බිදියි..තමන්ව නිරෝධායනයට යොමු කරන බව කලින් නොකී බවට රියදුරන්ගෙන් චෝදනා

යුක්රේනයේ සිට මෙරටට පැමිණ සිටින සංචාරකයන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සමග ඇති කර ගත් මුල් එකඟතා බිඳහෙළමින් ඇතැයි සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඔවුන් සංචාරය කරන ඇතැම් ස්ථානයන් සම්බන්ධයෙන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය දැනුවත් කර නැතැයිද ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.

මේ අතර එම සංචාරකයින් යාල වනෝද්‍යානයේ සංචාරය සඳහා රැගෙන ගිය ජීප් රථ 27ක රියදුරන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

නමුත් ජීප් රථ රියදුරන් සඳහන් කරන්නේ තමන් නිරෝදායනයට යොමු කරන්නේ යැයි බලධාරීන් කලින් දැනුවත් නොකළ නිසා එම සංචාරකයන් රැගෙන ගිය බවය.

Lanka C News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *