ARTICLES

” එදා මට ෆුට් බයිසිකලයක්වත් තිබ්බෙ නෑ. ඒත් අද මම සමූහ ව්‍යාපාරයක අයිතිකරුවෙක් “

“බිස්නස් එක පටන් ගන්නකොට මට ෆුට් බයිසිකලයක්වත් තිබ්බෙ නෑ..ඒත් අද මට සමූහ ව්‍යාපාරයක් තියෙනවා “

නිහතමානීව , එහෙත් හිතේ පිරුණු ආඩම්බරයෙන් මේ කතාව කියන්නේ Peumi Pharma  හි සභාපති වගේම අධිපතිතුමා.ඔහු ටෙනිසන් පීරිස් මහතා..

දුප්පත් පවුලක ඉපදුනත් හිතේ තිබෙන උනන්දුව සහ ආත්ම විශ්වාසය නිසාවෙන් ජීවිතය ජයගත් ඔහු මේ වන විට ව්‍යාපර ගණනාවක හිමිකරුවෙකු වී අවසන්.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඖෂධ බෙදා හැරීමේ පුරෝගාමියා වන ටෙනිසන් පීරිස් මහතා වසර කිහිපයක පලපුරුද්දත් සමඟින් 1983 වසරේදී මෙම ව්‍යාපාරයේ අත්පොත් තබන අතර ඔහු මෙම ව්‍යාපාරය ආරම්භ කරනුයේ එක් සේවකයෙකුගෙනි.එදා සිට ඔහුට නොසැලන සෙවණැල්ලක් ලෙසින් ආදරණීය බිරිඳ තනි නොතනියට සිටි අතර පසුව ඔහුගේ පුතුන් දෙදෙනාද ඔහුට සවියක් විය.

“මම මේ බිස්නස් එක කරන්නේ සමාජ සේවයක් විදිහට.අපි පවුලක් විදිහට සමාජයට වෙන්න ඕන යුතුකමක් විදිහටයි මෙය කරන්නේ .ඒ නිසාවෙන්මයි මට සාර්ථකව අවුරුදු 37ක් මේ ව්‍යාපාරය කරන්න පුලුවන් වුනේ,එදා පොඩිවට පටන් ගත්ත බිස්නස් එක අද සමූහ ව්‍යපාරයක් වෙනකල් දියුණු වෙලා.”

ඉතා වැදගත් සහ අත්‍යාවශ්‍යම සේවාවක් වන ඖෂධ බෙදා හැරීම සැබවින්ම සමාජයක් සුවපත් කරවන දේවකාරියක් බඳුය.ඒ නිසාවෙන්ම කොවිඩ් පලමු රැල්ලේදී පවා දිවා රෑ නොබලා ඔහු සිය සේවකයින් සමඟ එක්ව සිය යුතුකම නිවැරදිව ඉටු කලේය.

අදටද ඔහු ඒ ගැන කතා කරන්නේ ආඩම්බරයෙනි.

“මගෙන් වෙන්න ඕන යුතුකම මම කරා”

මේ වන විට ඔහු යටතේ සේවය කරන පිරිස හතලිස් පස් දෙනෙකි..එහෙත් ඒ සියල්ලන් සේවකයින් නොව ඔහුගේ දෙවෙනි පවුලේ සාමාජිකයින් සේ ඔහු සලකයි.

සැබවින්ම එවැනි ප්‍රධානියෙකු යටතේ රැකියාවක් කිරීමද සේවකයින්ට ආශිර්වාදයකි.

“මම ව්‍යාපාරය කරන අතරෙම මගේ දරුවෝ පස් දෙනාගේ අනාගතය ගැනත් බැලුවා.අද ඒ අය හොඳින් ඉගෙන ගෙන මගේ ව්‍යාපාරයටත් උදව් කරනවා “

ඔහුගේ කාර්යාලීය පරිශ්‍රය හැඩ ගැන්වී තිබෙනුයේ ඔහු ලබා ගත් ජයග්‍රහණ සහ ඔහුට හිමි වූ සම්මානයන්ගෙන් ය.ඔහුගේ සාර්ථකත්වයට එය කදිම නිදසුනකි.

” මට අමතක කරන්න බැහැ ,මට ලොකුම හයියක් වුන කෙනෙක් ගැන.බලාපොරොත්තුවක් තියෙනවා ඖෂධ ආනයනය කරන්න.ඒ වැඩේදිත් මට ලොකුම හයියක් වෙන්නෙ එයාලා.ඒ තමයි සෙලාන් බැංකුව.මම අවංකවම බිස්නස් කරගෙන යද්දි මගේ ව්‍යාපාරයට සහ මගේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී සෙලාන් බැංකුව මට ලොකු හයියක් වුනා “

“මේක ව්‍යාපාරයක් නෙවෙයි.සමාජ සේවයක් “ඔහු යළිත් ඒ බැව් සිහි කරන්නේ තමාගෙන් විය යුතු යුතුකම් අඩුවක් නැතිවම රටට සිදු කිරීම නිසාවෙනි.

“හිතේ ආත්ම විශ්වාසය තියෙනවනම් ලොකු දුරක් එන්න පුලුවන්.ඒ වගේම සදාචාරවත්වයි ඕනෑම ව්‍යාපාරයක් කරන්න ඕනේ “

තරුණ ව්‍යවසායකයින්ට ඔහුගේ ඒ උපදෙස සැබවින්ම ආදර්ශයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *